Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 97 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (49)
මිනිසුන් පිරිසක් සහ්ල් ඉබ්නු සඃද් අස්-සාඉදී තුමා වෙත පැමිණ මින්බරය (ධර්මාසනය) සම්බන්ධයෙන් එය කවර ලීයකින් තනා ඇත්දැයි කතා කරමින් සිටියෝය. පසුව ඒ ගැන ඔවුහු ඔහුගෙන් විමසුවෝය. එවිට ඔහු: "අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම එය කවර දෙයකින් වූවක් දැයි මම දනිමි. එය තබන ලද මුල් දිනයේම මම එය දැක ඇත්තෙමි. එමෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඒ මත අසුන් ගත් මුල් දිනය ද මම දැක ඇත්තෙමි." අල්ලාහ්ගේ දූතයාණෝ -අන්සාරී- කාන්තාවකට දූත පණිවිඩයක් එවූහ. "මම මිනිසුන් සමග කතා කරන විට ඒ මත වාඩි වන්නට මා වෙනුවෙන් ආසනයක් නිර්මාණය කර දෙන්නැයි ඔබ ඔබේ වඩු පුතාට පවසන්න" යැයි ඉල්ලා සිටියහ. පසුව ඇය ඔහුට නියෝග කොට ඔහු ද කැලෑවේ හැදෙන 'තර්ෆා' නම් ගස් වර්ගයකින් එය නිර්මාණය කොට ඇය වෙත ගෙන ආවේය. පසුව ඇය එය අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පිළිගැන්වූවාය. පසුව එය තබන මෙන් ඇයට පැවසූ පසු ඇය එය මෙතැනින් තැබුවාය. පසුව අල්ලාහ්ගේ දූතයාණන් ඒ මත සලාත් ඉටු කරනු මම දුටුවෙමි. ඔහු ඒ මතට වී තක්බීර් පවසා පසුව ඒ මත සිටම රුකූඋ ද කළහ. පසුව එයින් බැස ධර්මාසනය පාදය අසල සුජූද් කර නැවත නැග ගත්හ. අවසන් කළ පසුව මිනිසුන් වෙත හැරී මෙසේ පැවසූහ: "අහෝ ජනයිනි! මම මෙය නිර්මාණය කළේ නුඹලා මා පිළිපදිනු පිණිසය. මාගේ සලාතය නුඹලා හදාරනු පිණිසය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සෑම අදාන් දෙකක් අතර සලාතයක් ඇත. සෑම අදාන් දෙකක් අතර සලාතයක් ඇත" පසුව තුන්වන වතාවේ "කැමති අයට පමණි" යැයි එතුමාණන් පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"එකතු වී (සාමුහිකව) ඉටු කරනු ලබන සලාතය ඔබ අතරින් කිසිවකු තනිව ඉටු කරන සලාතයට වඩා කොටස් විසි පහකින් උතුම් වන්නේය. ෆජ්ර් සලාතයේ දී රාත්‍රි කාලයේ මලක්වරු හා දහවල් කාලයේ මලක්වරු රැස් වෙති. පසුව අබූ හුරෙයිරා තුමා මෙසේ පවසා සිටියේය: එසේ නම් ඔබ කැමති නම් මෙය පාරායනය කරන්න. "නියත වශයෙන්ම අලුයම් කාලයේ පාරායනය සාක්ෂි දරනු ලබන්නක් විය." (අල්-ඉස්රා: 78)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල් කුර්ආනයෙන් සූරා අපට ඉගැන්වූ පරිදි සියලුම කටයුතුවල දී යහපත පතන ආකාරය අපට ඉගැන්වූහ. එතුමා මෙසේ පවසා සිටියේය. "ඔබ අතුරින් කෙනෙකු යම් කර්තව්යයක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්ය නොවන රක්අත් දෙකකින් යුත් සලාතයක් ඉටු කර පසුව මෙසේ ප්‍රාර්ථනා කරන්න. 'අල්ලාහුම්ම ඉන්නී අස්තහීඃරුක බිඉල්මික, වස්තක්දිරුක බිකුද්රතික, වඅස්අලුක මින් ෆළ්ලිකල් අළීම්. ෆඉන්නක තක්දිරු වලා අක්දිරු, වතඃලමු වලා අඃලමු, වඅන්ත අල්ලාමුල් ගුයූබ්. අල්ලාහුම්ම ඉන්කුන්ත තඃලමු අන්න හාදල් අම්ර, (මෙහිදී තම අවශ්යතාව සඳහන් කරයි.) හෛඃරන් ලී ෆී දීනි වමආෂී වආකිබති අම්රි ෆක්දුර්හු ලී, වයස්සිර්හු ලී සුම්ම බාරික් ලී ෆීහි. වඉන් කුන්ත තඃලමු අන්න හාදල් අම්ර ෂර්රුන් ලී ෆී දීනී, වමආෂී, වආකිබති අම්රී ෆස්රිෆ්හු අන්නී වස්රිෆ්නී අන්හු වක්දුර්ලී අල් හඃයිර හයිසු කාන, සුම්ම අර්ලිනී බිහී." තේරුම: "අහෝ දෙවිඳාණනි! ඔබගේ දැනුමෙන් මම ඔබෙන් යහපත අපේක්ෂා කරමි. ඔබේ ශක්තියෙන් මම ඔබෙන් ශක්තිය අපේක්ෂා කරමි. ඔබගේ බලමහිමයෙන් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙයයි. ඔබ බලය දරන්නෙහිය. මම එසේ බලය නොදරමි. ඔබ සියල්ල දනී, මම කිසිවක් නොදනිමි. ඔබ සැඟවුණු දේවල් ගැන මනාව දන්නාය.(ඔබේ අවශ්යතාව සඳහන් කරමින්) මගේ මේ කටයුත්ත, මගේ ආගම, මගේ ජීවනෝපාය සහ මගේ කටයුතුවල අවසානයේ එහි ප්‍රතිඵල යහපතක් වනු ඇතැයි ඔබ සිතන්නේ නම්, එය මට සළසා දී, එය මට පහසු කර දෙනු මැනව! පසුව එහි අභිවෘද්ධිය ඇති කරනු මැනව. ඔබේ දැනුමෙහි එය මටත් මගේ ආගමටත් මගේ ජීවනෝපාය සහ මගේ කටයුතුවලට අයහපත් නම්, එය මගෙන් ඉවත් කරනු මැනව! මා ද එයින් ඉවතට හරවනු මැනව! තවද යහපත කොතැනක තිබුණ ද එය මට සළසා දෙනු මැනව! ඒ ගැන සතුට මට ඇති කරනු මැනව." මෙහිදී තම අවශ්‍යතාව නම් කළ යුතු යැයි හෙතෙම තවදුරටත් පවසා සිටියේය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
සැබැවින්ම සෑම සලාතයකටම පසුව සලාම් පවසන අවස්ථාවේ එතුමා මෙසේ පවසන්නට වූහ. “ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා නඃබුදු ඉල්ලා ඉයියාහු ලහුන් නිඃමතු වලහුල් ෆල්ලූ වලහුල් සනාඋල් හසන් ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහ්ලිසීන ලහුද්දීන වලව් කරිහල් කාෆිරූන්.” තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සියලු බලතල ඔහු සතුය. ප්‍රශංසා සියල්ල ඔහුටමය. සෑම දෙයක් කෙරෙහිම ඔහු ශක්තිය ඇත්තාය. අල්ලාහ්ගෙන් හැර කිසිම ශක්තියක් හෝ බලවේගයක් නොමැත. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු හැර වෙන කිසිවෙකුට අපි නැමදුම් නොකරන්නෙමු. සියලූ දායාදයන් ඔහු සතුය. ශ්‍රේෂ්ඨත්වය ද උතුම් වූ උපහාරය ද ඔහුටම හිමිය. නැමදුමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ප්‍රතික්ෂේප කරන්නන් විරුද්ධ වුව ද සියලු නැමදුම් ඔහු වෙනුවෙන් පමණක් ඉටු කරමු. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සෑම සලාතයකට පසුවම මෙසේ තහ්ලීල් පවසන්නෙකු ලෙස සිටයහැයි මෙතුමා තවදුරටත් පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මුඅද්දින් (සලාතය සඳහා ඇරයුම් කරන්නා) 'අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්' යැයි පැවසූ විට ඔබ අතරින් කවරෙකු 'අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්' යැයි පවසන්නේ ද. පසු ව ඔහු 'අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි පැවසූ විට, මොහු 'අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි පවසන්නේ ද, ඔහු 'අෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්' යැයි පැවසූ විට, මොහු 'අෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්' යැයි පවසන්නේ ද, පසුව ඔහු 'හය්ය අලස් සලාත්' යැයි පැවසූ විට, මොහු 'ලා හව්ල වලා කුව්වත ඉල්ලාහ් බිල්ලාහ්' යැයි පවසන්නේ ද පසුව ඔහු 'හය්ය අලල් ෆලාහ්' යැයි පැවසූ විට මොහු 'ලා හව්ල වලා කුව්වත ඉල්ලාහ් බිල්ලාහ්' යැයි පවසන්නේ ද, පසුව 'අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර්' යැයි පැවසූ විට, මොහු 'අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර්' යැයි පවසන්නේ ද, පසු ව ඔහු 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි පැවසූ විට, මොහු 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි සිතින් පවසන්නේ ද ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කවරෙකු උදෑසන කාලයේ මස්ජිදය වෙත පිය නගන්නේ ද, එසේ නැතහොත් දහවල් කාලයේ පියනගන්නේ ද එසේ උදෑසන හෝ දහවල් කාලයේ පියනගන සෑම අවස්ථාවකම ස්වර්ග උයනේ සංග්‍රහයක් අල්ලාහ් ඔහුට සූදානම් කරනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසි විට, තමන් වාඩි වීමට පෙර රකආත් දෙකක් ඉටු කළ යුතු වේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.