Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 97 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (49)
“කවරෙකු ජනාබත් හෙවත් (මහා කිල්ලෙන්) අනිවාර්යය වන ස්නානය, ජුමුආ දිනයේ ස්නානය කොට පසුව ආරම්භක වේලාවේ උදෑසනම (ජුමුආ කටයුතු සඳහා) පිය නැගුවේ ද ඔහු ඔටුවකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු දෙවැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු ගවයෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු තුන්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු බැටළුවෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු සිව්වැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු කුකුලෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු පස්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු බිත්තරයක් පිළිගැන්වූවාක් මෙන් වන්නේය. ඉමාම් (මින්බරය වෙත) පිටත්ව ගිය විට එම දෙසුම සවන් දෙන්නට මලක්වරුන් ද සහභාගී වෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
උස්මාන් ඉබ්නු අෆ්ෆාන් මස්ජිදය ඉදි කිරීමට අපේක්ෂා කළේය. එවිට ජනයා එය පිළිකුල් කළෝය. එය තිබෙන ස්වරූපයෙන්ම තිබෙන්නට හැරීමට ඔවුහු ප්‍රිය කළෝය. එවිට එතුමා: අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා මෙසේ පැවසීය: "කවරෙකු අල්ලාහ් වෙනුවෙන් මස්ජිදයක් ඉදි කළේ ද ඔහු වෙනුවෙන් ඒ හා සමාන දෙයක් ස්වර් ග උයනේ ඉදි කරනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මිනිසුන් සිකුරාදා දින නැමදුම නොසළකා හැරීමෙන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබනු ඇත. පසුව ඔවුන් නොසලකා හරින ලද පුද්ගලයින් අතරට පත්වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම කම්මුලේ සුදු පැහැය පෙනෙන තෙක් තම දකුණු පසට සහ වම් පසට හැරී සලාම් දෙන ආකාරය මම දැක ඇත්තෙමි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"තිදෙනෙකු පිළිබඳ (ලිවීමෙන්) පන්හි ද ඉවත් කරනු ලැබීය. නිදන්නා නින්දෙන් අවදිවන තුරු, ළඳරුවා වැඩිවියට පත් වන තුරු, උන්මත්තකයා සිහිබුද්ධිය ලබන තුරු"
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අස්සුනන් අල්කුබ්රා හි වාර්තා කර ඇත. තවද මෙය ඉමාම් ඉබ්නු මාජහ් සහ අහ්මද් යන ඉමාම්වරුන්ද වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මින්බර් (වේදිකාව) මත සිටිය දී මිනිසෙක් මෙසේ විමසීය. 'රාත්‍රී සලාතය පිළිබඳ ඔබ දකින්නේ කෙසේ ද?' එතුමාණෝ "දෙක දෙක බැගින් විය යුතුය" නමුත් සුබ්හු උදාවේ යැයි ඔබ බිය වූයේ නම් එක් රකආතයක් පමණක් ඉටු කරන්න. එවිට ඉටු කළ සලාතය ඔත්තේ බවට පත්වනු ඇත. එතුමාණෝ: "ඔබේ සලාතයේ අවසානය ඔත්තේ බවට ඔබ පත් කර ගන්න" යැයි පවසමින් සිටියහ. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඒ ගැන නියෝග කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"(සලාතය සඳහා වන) ඇරයුමෙහි හා පළමු පේළියේ පවතින දෑ (මහිමය) මිනිසුන් දැනගෙන සිටියා නම්, පසුව ඒ වෙත කුසපත් ඇදීමෙන් මිස එය ඔවුනට ලබා ගත නොහැකි වී නම්, ඔවුන් (ඒ සඳහා) කුසපත් අදිනු ඇත. වේලාසනින් සලාතයට යෑමේ පවතින දෑ ඔවුන් දැනගෙන සිටියා නම්, (ඒ සඳහා) තරඟ වදිනු ඇත. රාත්‍රී (ඉෂා) සලාතයේ හා උදෑසන (සුබ්හු) සලාතයේ ඇති දෑ ඔවුන් දැනගෙන සිටියා නම්, ඒ දෙක සඳහා බඩගාමින් හෝ පැමිණෙනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ශරීර අවයව හතක් මත සුජූද් කිරීමට මා අණ කරනු ලද්දෙමි. යැයි, තම අතින් තම නළල, නාසය අත් දෙක, දණහිස් දෙක, දෙපා ඇගිලි තුඩු ද, පෙන්වූහ. "වස්ත්‍ත්‍රය හෝ හිසකෙස් හෝ අප එකතු නොකළ යුතුය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.