Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 7 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (49)
"ආහාර ඉදිරියේ හෝ මල මූත්‍රා දරා සිටින්නාට හෝ සලාතය නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම උම්මු සලමා තුමිය ඇබීසීනියානු දේශයේ දුටු මාරියා නම් පල්ලියක් පිළිබඳ මෙනෙහි කළාය. එහිදී ඇය දුටු පින්තූරු ගැන ද මතක් කර සිටියාය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළහ. “ඔවුන් ජන සමූහයකි. ඔවුන් අතර දැහැමි ගැත්තෙකු හෝ දැහැමි මිනිසකු හෝ මිය ගිය විට ඔහුගේ මිනිවළ මත ඔවුහු දේවස්ථාන ඉදි කළෝය. එහි එම පින්තූරු නිර්මාණය කළෝය. අල්ලාහ් අබියස වඩාත් නපුරුම ජනයා ඔවුහුය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඉදා ජාඅ නස්රුල්ලාහි වල් ෆත්හු” (අන්-නස්ර්: 1) නම් පරිච්ඡේදය පහළ වීමෙන් පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතයේ දී “සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මග් ෆිර්ලී” යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් මිස සලාත් ඉටු කළේ නැත.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“එක් රාත්‍රියක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නිදියහනේ දැක ගන්නට නොහැකි වීය. පසුව මම (අතපතගා) එතුමාණන් සොයන්නට ගත්තෙමි. එවිට එතුමාණන් මස්ජිදයේ සිටිය දී එතුමාණන්ගේ දෙපා මැද මාගේ අතට හසු විය. ඒ දෙක සිටුවාගත් තත්ත්වයේ පැවතුනි. එතුමා මෙසේ ප්‍රාර්ථනා කරමින් සිටියහ. اللهُمَّ أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ، وَأَعُوذُ بِكَ مِنْكَ لَا أُحْصِي ثَنَاءً عَلَيْكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ (අහෝ අල්ලාහ්! ඔබේ කෝපය වෙනුවට ඔබේ පිළිගැනීම තුළින් ද ඔබේ දඬුවම වෙනුවට ඔබේ සුවය තුළින්ද සැබැවින්ම මම ආරක්ෂාව පතමි. තවද මම ඔබෙන් වූ ආරක්ෂාවද ඔබෙන් පතමි. ඔබ ඔබව ප්‍රශංසා කළ පරිදිම ඔබට ප්‍රමාණවත් තරමට ප්‍රශංසා කිරීමට මට නො හැක.ෙ)
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
පුරුද්දක් ලෙස ෆජ්ර් සලාතයේ අමතර රකආත් දෙක පිළිබඳ යොමු කළ දැඩි අවධානය මෙන්, වෙනත් කිසිදු අමතර සලාතයක් සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උනන්දුවක් නො දැක්වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තක්බීර් සමඟ සලාතය ආරම්භ කර "අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්.. “ (සූරා අල්-ෆාතිහා) පාරායනය කළහ. එතුමාණන් රුකූඋ ඉරියව්වට ගිය විට, එතුමාණන් හිස එසවූයේ නැති අතර පහත් කළේ ද නැත, නමුත් ඒ අතර (සමාන්තරව) තබා ගත්හ. රුකූඋ ඉරියව්වේ සිට හිස එසවූ විට, සීරුවෙන් සිට ගන්නා තුරු එතුමාණන් සුජූද් කළේ නැත. සුජූද් ඉරියව්වෙන් එතුමාණන් නැගිටින විට, ඍජුව වාඩි වන තුරු (දෙවන) සුජූදය කළේ නැත. සෑම සලාත් වාර දෙකකම අත්-තහය්යාතු (තෂහ්හුද්) පැවසූහ. එතුමාණන් තම වම් පාදය නමා (ඒ මත වාඩි වී) දකුණු පාදය ඔසවා තබා ගන්නට පුරුදුව සිටියහ. එතුමාණන් ෂෙයිතාන්ගේ ඉරියව් ක්‍රම භාවිතය තහනම් කිරීමට පුරුදුව සිටියහ. තවද මිනිසෙකු මෘග සතෙකු මෙන් තම දෑත් විහිදුවීමෙන් වාඩිවීම වළක්වන ලදී. තවද එතුමාණන් සලාම් පවසා සලාතය අවසන් කළහ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ සුබ්හු සලාතයට පෙර ඇති රකආත් දෙක අතපසු නො කරන්නෙකු වූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.