Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 6 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“ඔබේ දරුවන්ට, ඔවුන් හත් වන වියේ පසුවන දරුවන් වන විට සලාතය ඉටු කරන මෙන් නියෝග කරන්න. ඔවුන් දසවන වියේ පසුවන දරුවන් වන විට ඒ සඳහා ඔවුනට දඬුවම් කරන්න. නිදියහන්වලින් ඔවුන් වෙන් කරන්න.”
හසන් ගණයට අයත් හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පසු පේළියේ තනිව සලාතය ඉටු කළ මිනිසෙකු දැක ඔහුගේ සලාතය නැවත ඉටු කරන මෙන් එතුමාණෝ ඔහුට නියෝග කළහ.
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
"අල්ලාහ්ගේ ගැත්තනියන් අල්ලාහ්ගේ මස්ජිදවලට යාමෙන් වැළැක්වීමට උත්සාහ නොකරන්න. සුවඳ විලවුන් ආලේප කිරීමෙන් තොරව (මස්ජිදයට) යා හැකිය."
හසන් ගණයට අයත් හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
"මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සලාත් ඉටු කර ඇත්තෙමි. එතුමාණන් තම දකුණු දෙසට හැරී "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යනුවෙන් ද වම් දෙසට හැරී "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යනුවෙන් පවසා සලාම් දෙන්නෙකු වූහ.
හසන් ගණයට අයත් හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසුණු විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට සලාම් පැවසිය යුතුය. ඔහු "අල්ලාහුම්මඅෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" (අහෝ අල්ලාහ්, ඔබේ කරුණාවේ දොරටු මා වෙනුවෙන් විවෘත කරනු මැනව!) යැයි පැවසිය යුතුය. පිටත්වුණු විට ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පැවසිය යුතුය. එමෙන්ම ඔහු "අල්ලාහුම්මඃසිම්නී මිනෂ්-ෂෙයිතානිර් රජීම්" (අහෝ අල්ලාහ්, ප්‍රතික්ෂේප කරන ලද ෂෙයිතාන්ගෙන් මා ආරක්ෂා කරනු මැනව!) යැයි පැවසිය යුතුය. හාකිම්හි සඳහන් තවත් වාර්තාවක "පිටත්වුණු විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පැවසිය යුතුය. එමෙන්ම ඔහු "අල්ලාහුම්මඃජිර් නී මිනෂ්-ෂෙයිතානිර් රජීම්" (අහෝ අල්ලාහ්, ප්‍රතික්ෂේප කරන ලද ෂෙයිතාන්ගෙන් මා ආරක්ෂා කරනු මැනව!) යැයිද පැවසිය යුතුය.
හසන් ගණයට අයත් හදීසයකි. ඉබ්නු මාජහ් සහ හාකිම් එය වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සජදා දෙක අතර: “අල්ලාහුම්ම-ග්ෆිර්ලී වර්හම්නී, වආෆිනී, වහ්දිනී, වර්සුක්නී - යා අල්ලාහ් මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට සුවය ලබා දෙනු මැනව! මට මග පෙන්වනු මැනව! මට පෝෂණ සම්පත් පිරිනමනු මැනව!-” යනුවෙන් පවසා සිටියහ.
එය අනු සාක්ෂි හරහා හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.