Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 14 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"කවරෙකු නොසැලකිලිමත්කමින් ජුමුආ සලාත් වාර තුනක් මඟ හැරියේ ද අල්ලාහ් ඔහුගේ හදවත මත මුද්‍රා තබනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත අල්ලා ගෙන “අහෝ මුආද්! අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්‍රිය කරමි. " යැයි පවසා තවදුරටත් "අහෝ මුආද්! මම ඔබට උපදෙස් දෙමි. සෑම සලාතයකට පසුවම 'අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික, වෂුක්රික, වහුස්නි ඉබාදතික.' (අහෝ අල්ලාහ් මා ඔබව සිහිපත් කිරීමටත් ඔබට කෘතඥ වීමටත් ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබම මට උදව් කරනු මැනව!) යනුවෙන් පැවසීම ඔබ අත් නොහරින්න.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, නසාඊ හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සලාත් ඉටු කර ඇත්තෙමි. එතුමාණන් තම දකුණු දෙසට හැරී "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යනුවෙන් ද වම් දෙසට හැරී "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යනුවෙන් පවසා සලාම් දෙන්නෙකු වූහ.
හසන් ගණයට අයත් හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදා දෙක අතර "රබ්බි-ග්ෆිර්ලී රබ්බි-ග්ෆිර්ලී" යනුවෙන් පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, නසාඊ, ඉබ්නු මාජා හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ ඉන් පසු ඇති රකආත් හතර කවරෙකු පිළිපදින්නේ ද අල්ලාහ් ඔහුව නිරයට තහනම් කරනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සජදා දෙක අතර: “අල්ලාහුම්ම-ග්ෆිර්ලී වර්හම්නී, වආෆිනී, වහ්දිනී, වර්සුක්නී - යා අල්ලාහ් මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට සුවය ලබා දෙනු මැනව! මට මග පෙන්වනු මැනව! මට පෝෂණ සම්පත් පිරිනමනු මැනව!-” යනුවෙන් පවසා සිටියහ.
එය අනු සාක්ෂි හරහා හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.