عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (26)
“ඔබ අතරින් කිසිවකු හෝ නින්දට වැටුණු විට ඔහුගේ හිස් කෙළවරෙහි ගැට තුනක් ෂෙයිතාන් ගැට ගසයි. ‘ඔබට දිගු රාත්රියක්, හොදින් නිදා ගන්න’ යැයි පවසමින් ෂෙයිතාන් සෑම ගැටයක් මතම ගැට ගසනු ඇත. නමුත් ඔහු අවදි වී උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කරන විට ගැටයක් ලිහෙනු ඇත. පසුව ඔහු වුළූ ධෝවනය කළ විට තවත් ගැටයක් ලිහෙනු ඇත. පසුව ඔහු සලාත් ඉටු කළ විට ඔහුගේ සියලු ගැට ලිහෙනු ඇත. පසුව ඔහු මනා මානසික සුවයෙන් යුතුව ධෛර්යමත්ව අවදිවනු ඇත. එසේ නොවේ නම් විකෘති අයහපත් මනසකින් යුතුව මැලිකමින් අවදිවනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ අතරින් කිසියම් කෙනෙකු තම කුසෙහි යමක් හට ගෙන, එය පිට වූයේ ද නැත්දැයි ඔහුට ගැටලුවක් ඇති වූ විට, හඬක් අසෙන තෙක් හෝ ගන්ධයක් දැනෙන තෙක් හෝ සුජූද් කරන තැනින් ඔහු ඉවත්ව නොයා යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“ඔබ අතරින් කිසිවකු හෝ කිලිටි තත්ත්වයට පත් විට වුළූ හෙවත් අර්ධ ධෝවනය කරනා තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
මම ආඉෂා තුමියගෙන්, "උපාවාසය නැවත ඉටු කරන නමුත් සලාතය නැවත ඉටු නො කරන ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවගේ තත්ත්වය කුමක් ද?" යැයි විමසා සිටියෙමි. එවිට ඇය, "ඔබ හරූරිය්යාවාදියෙකු දැ? "යි විමසා සිටියාය. මම: හරූරිය්යා වාදියෙකු නොවෙමි. නමුත් මම මෙසේ අසා සිටිමි" යැයි පැවසුවෙමි. ඇය: "අපට මේවා සිදු වී ඇත. එවිට උපවාසය නැවත ඉටු කිරීමට අපට නියෝග ලැබුණු නමුත් සලාතය නැවත ඉටු කිරීමට නියෝග නොලැබුවෙමු." යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ෆිත්රා යන කරුණු පහකි: ලිංග චර්ම ඡේදනය, ලිංගාශ්රිත රෝම කැපීම, උඩු රැවුල කැපීම, නියපොතු කැපීම, කිහිලි රෝම ඉවත් කිරීම.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ඔබ මලපහ කිරීමට පැමිණෙන විට, කිබ්ලා දිසාවට මුහුණලා නො සිටින්න. තවද එයට පසුපසලා ද නො සිටින්න. නමුත් නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හෝ හැරෙන්න.” අබූ අය්යූබ් තුමා තවදුරටත්: “අපි සිරියාවට පැමිණියෙමු. එහි කඃබා දෙසට මුහුණ ලා තනන ලද වැසිකිළි අපි දුටුවෙමු. එවිට අපි අපගේ ශරීර කිබ්ලා දිශාවෙන් වෙනතකට හරවා සිටියෙමු. තවද අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියෙමු.” යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කෙනෙකු මූත්රා කරමින් සිටිය දී දකුණතින් තම ලිංගය නො ඇල්ලිය යුතු ය. වැසිකිළි ගිය පසු තම දකුණතින් නො සේදිය යුතු ය. (පානය කරන) භාජනය තුළ හුස්ම නො හැරිය යුතු ය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සැබැවින්ම ආහාර නොගන්නා තම කුඩා දරුවා සමග අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ඇය පැමිණියා ය. පසුව එතුමාණන් තම උකුලේ දරුවා වාඩි කරවීය. එවිට ඔහු එතුමාණන්ගේ ඇඳුමේ මූත්රා කළේය. පසුව එතුමා ජලය ගෙන්වා ගෙන එය මත ඉසූහ. එය සෝදා හැරියේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.