Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 2 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"කවරෙකු කන්දෙන් පැන සිය දිවි හානි කර ගත්තේ ද ඔහු සදාකාලිකව අපා ගින්නට වී නිරන්තරයෙන්ම එසේ පණිමින් සිටියි. කවරෙකු වස පානය කර සිය දිවි හානි කර ගත්තේ ද ඔහු සදාකාලික ලෙස අපා ගින්නට වී, ඔහුගේ අතට වස දෙනු ලැබ, ඔහු එසේ නිරන්තරයෙන්ම වස බොමින් සිටියි. කවරෙකු යකඩයකින් සිය දිවි හානි කර ගත්තේ ද ඔහු සදාකාලිකව අපා ගින්නට වී ඔහුගේ අතට එම යකඩය දෙනු ලැබ, ඔහු නිරන්තරයෙන්ම ඔහුගේ කුසට එමගින් ඇණ ගනිමින් සිටියි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
ඔබ අතරින් කිසිවකු හෝ තම සහෝදරයාට විරුද්ධව ආයුධය නොපෙන්විය යුතුය. හේතුව, සැබැවින්ම (කුමක් සිදුවේදැයි) ඔහු නොදන්නා බැවිනි. ඇතැම් විට ෂෙයිතාන් ඔහුගේ අතින් එය ලිස්සන්නට සළස්වයි. එවිට ඔහු අපා ගින්නේ ආගාදය තුළට ඇද වැටෙනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.