Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 32 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"අල්ලාහ්ගේ ගැත්තනියන් අල්ලාහ්ගේ මස්ජිදවලට යාමෙන් වැළැක්වීමට උත්සාහ නොකරන්න. සුවඳ විලවුන් ආලේප කිරීමෙන් තොරව (මස්ජිදයට) යා හැකිය."
හසන් ගණයට අයත් හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් එතුමාණන්ගේ නිවසේ සිදු කරමින් සිටියේ කුමක් දැ?යි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසන ලදී. ඇය: එතුමා තම නිවසේ කටයුතුවල නිරතවන්නෙකු වූහ. -එනම් නිවැසියන්ට වැඩපල කර දුන්හ) නමුත් සලාතයේ වේලාව පැමිණි විට සලාතය සඳහා පිටත්ව ගියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් යමෙකුගේ බිරිය සම්බන්ධයෙන් ඔහු මත පැවරෙන වගකීම කුමක් ද?" යැයි විමසුවෙමි. එතුමාණෝ, "ඔබ ආහාර ගත් විටෙක ඇයට ද ආහාර පිරිනැමිය යුතුය. ඔබ අඳින විටෙක හෝ උපයන විටෙක ඇයට ද අඳින්නට සැළැස්විය යුතුය. මුහුණට පහර නොදිය යුතුය. පිළිකුල් නො කළ යුතුය. නිවසේදී හැර (වෙනත් තැන්වල) ඇයව හෙළා නොදැකිය යුතුය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"වළලු කරට පහළින් ඇති පහළ ඇඳුම අපා ගින්න තුළය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"කවර හෝ කාන්තාවක් ඇයගේ භාරකරුවාගේ අනුමැතියෙන් තොරව විවාහ වූවා ද ඇයගේ විවාහය වලංගු නැත යැයි තුන්වරක් පවසා, ඇය සමග පහස විද ඇති බැවින් ඇයට පිරිනමන ලද විවාහ ත්‍යාගය ඇය සතු වේ. භාරකරුවන් ගැටලු ඇති කර ගත්තේ නම් භාරකරුවකු නොමැති වන අයට භාරකරු වනුයේ පාලකයා ය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
"ඔබේ සහෝදරයා අපරාධකරුවකු වුව ද අපරාධයට ලක් වූ අයකු වුව ද ඔබ ඔහුට උදව් කරන්න. එවිට මිනිසෙකු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපරාධයට ලක්වූ අයකු නම් මම ඔහුට උදව් කරමි. නමුත් අපරාධකරුවකු වී නම් ඔබ අදහස් කරන්නේ කුමක් ද? මම ඔහුට උදව් කරන්නේ කෙසේ ද?" යැයි විමසා සිටියේය. එතුමාණෝ "ඔබ ඔහුව අපරාධයෙන් වැළැක්වීමය. සැබැවින්ම එය ඔහුට කරන උපකාරයයි." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම දකුණතින් රත්‍රන් ද තම වම් අතින් සේද ද රැගෙන සිටිනු මම දුටුවෙමි. පසු ව ඒ දෙක අතැති ව එතුමාණන් තම දෑත් ඔසවා මෙසේ පැවසීය: "මේ දෙක මගේ උම්මාවේ පිරිමින්ට තහනම්ය. ඔවුන්ගේ ගැහැණුන්ට අනුමතය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, නසාඊ හා ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“සැබැවින්ම මෙලොව මිහිරිය; හරිතය. සැබැවින්ම අල්ලාහ් එහි නුඹලා නියෝජිතයින් බවට පත් කරන්නාය. පසුව නුඹලා කටයුතු කරනුයේ කෙසේදැ?යි ඔහු නිරීක්ෂණය කරයි. එබැවින් නුඹලා ලෝකය ගැන අල්ලාහ්ට බියවනු. කාන්තාවන් ගැන ද බියවනු. ඉස්රාඊල් දරුවන්ගේ අර්බූධ අතරින් පළමුවැන්න කාන්තාවන් විෂයයෙහි සිදු විය.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.