Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 19 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“අහෝ අබුදර්! ඔබ ව්‍යාංජනයක් පිසින්නේ නම්, එයට ජලය වැඩියෙන් එකතු කර, එය අසල් වැසියන්ට ද බෙදා දෙන්න.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පීඩාවෙන්, තමන්ව අල්ලාහ් මුදවාලීම ගැන කවරෙකු සතුටු වන්නේ ද ඔහු දුෂ්කරතා ඇත්තාට සහනයක් ලබා දෙනු ඇත, හෝ ඔහුට (ණය ඉවත් කර) සමාව දෙනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය." එසේ එතුමාණෝ පැවසූ විට "අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවරෙක් ද? යැයි විමසන ලදී. එතුමාණෝ: "තම අසල් වැසියා තම හිංසනයෙන් ආරක්ෂාව නොලබන තැනැත්තාය." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.