Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 29 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"... තවද සාපරාධී ලෙසින් එහි කෙලසීමට කවරෙකු සිතන්නේ ද එවැනි ඔහුට වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි සලස්වමු." (අල්-හජ්: 25) යන සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එතුමා මෙසේ පැවසූහ: "සැබැවින්ම මිනිසෙකු එහි සාපරාධී කටයුත්තක් කරන්නට සිතුවේ ද ඔහු අද්න් හි එය සිතුව ද අල්ලාහ් ඔහුට වේදනීය දඬුවමක් විඳින්නට සළස්වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අහ්මද් හා හාකිම් විසින් වාර්තා කොට ඇත.
අබූ තාලිබ්ට මරණය ළඟා වූ කල්හි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහු වෙත පැමිණියේය. ඔහු අසල අබ්දුල්ලාහ් ඉබ්නු අබූ උමය්යා හා අබූ ජහ්ල් සිටිනු දුටුහ. එවිට එතුමා ඔහුට: “මාගේ මහප්පාණනි, අල්ලාහ් අබියස ඔබ වෙනුවෙන් මා කතා කළ හැකි පරිදි ඔබ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත’ යැයි පවසන්න.” යැයි කීහ. එවිට අබූ ජහල් සහ අබ්දුල්ලාහ් ඉබ්නු අබී උමය්යා: ‘ඔබ අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙතින් ඉවත් වීමට අපේක්ෂා කරන්නෙහි ද?' යැයි විමසූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නැවතත් එතුමාට ඇරයුම් කළේය. ඔවුන් දෙදෙනාද එම ප්‍රකාශයම නැවත නැවතත් පැවසූහ. අවසානයේ අබ්දුල් මුත්තලිබ් ඔවුන්ගේ ප්‍රකාශයම පවසා සිටියේය. එනම් තමන් අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙත මත සිටින බවය. ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි පැවසීමට ඔහු ප්‍රතික්ෂේප කළේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔබ ගැන මා නො වළක්වන තාක්කල් සැබැවින්ම මම ඔබට සමාව අයැද සිටින්නෙමි. එවිට අල්ලාහ් මෙම පාඨය පහළ කළේය. “නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේව විශ්වාස කරන්නන්ට සුදුසු නොවීය.” (අත්-තව්බා: 113) එමෙන්ම අබූ තාලිබ් තුමා විෂයයෙහි අල්ලාහ් මෙසේ පහළ කළේය. “නියත වශයෙන්ම ඔබ ප්‍රිය කළ අයට ඔබට මග පෙන්විය නො හැකිය. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳ මැනවින් දන්නාය." (අල්-කසස්: 56)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ අල් කුර්ආනය කියවන්න. මක්නිසාදයත් සැබැවින්ම එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අදාළ තැනැත්තන් හට මැදිහත්කරුවෙක් ලෙස පැමිණෙනු ඇත. දීප්තිමත් සූරා අල් බකරා හා සූරා ආලු ඉම්රාන් දෙක කියවන්න. මන්ද ඔවුන් මළවුන් කෙරෙන් නැවත නැඟිටුවනු ලබන දිනයේදී වලාකුළු දෙකක් මෙන් හෝ වියන් දෙකක් මෙන් හෝ පියාසර කරන පක්ෂි රංචු දෙකක් මෙන් හෝ ඒ දෙක පාරායනය කරන්නන් වෙනුවෙන් මැදිහත් වී වාද කරනු ඇත. සූරා අල්-බකරා පාරායනය කරන්න, මන්ද එය පිළිපැදීම සමෘද්ධියකි. එය අත්හැරීම පසුතැවිල්ලට හේතුවකි. ව්‍යාජ දෑට එය ජය ගත නොහැක."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මින්බර් වේදිකාව අසල සිටිය දී, මිනිසෙක් මෙසේ පැවසීය: "මම ඉස්ලාමය වැළඳගත් පසු හජ් වන්දනාකරුවන්ට ජලය ලබා දීම හැර වෙනත් කිසිදු ක්‍රියාවක් නොකළත් මට කමක් නැත." තවත් අයෙක් මෙසේ පැවසීය: "මම ඉස්ලාමය වැළඳගත් පසු ශුද්ධ වූ මස්ජිදය නඩත්තු කිරීම හැර වෙනත් කිසිදු ක්‍රියාවක් නොකළත් මට කමක් නැත." තවත් අයෙක් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ මාර් ගයේ ජිහාද් කිරීම ඔබලා පවසා සිටි දෙයට වඩා හොඳය." උමර් ඔවුන් විසිරුවා හරිමින් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මින්බර් වේදිකාව අසළ ඔබේ හඬ උස් නොකරන්න. - එය සිකුරාදා දිනයයි! නමුත් මම සිකුරාදා සලාතය ඉටු කළ පසු, ඇතුළට ගොස් ඔබ මතභේදයට ලක් වූ දේ ගැන එතුමාගෙන් විමසා සිටියෙමි." එවිට සර් ව බලධාරී අල්ලාහ් මෙසේ හෙළි කළේය: {හජ් වන්දනාකරුවන්ට ජලය සපයා, මස්ජිදුල් හරාමය පරිපාලනය කරන්නන්ව අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට අල්ලාහ්ගේ මාර් ගයේ කැපවූවන් මෙන් නුඹලා පත් කළෙහු ද? (සූරත් තව්බා: 19) පාඨයේ අවසානය දක්වා.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
ඔවුන් හුදෙයිබියා හි නියමිත සත්ව කැපය පිරිනමා, දුක හා මානසික අවපීඩනය මුසු වූ තත්ත්වක හුදෙයිබියාවේ සිට නැවත හැරී එන අවස්ථාවේ "ඉන්නා ෆතහ්නා ලක ෆත්හන් මුබීනන් ලියග්ෆිර ලකල්ලාහු" යන ප්‍රකාශයේ සිට "ෆව්සන් අලීමා" දක්වා වූ (සූරා අල්-ෆත්හ් 1-5) පාඨ පහළ වූ කල්හි එතුමාණෝ: "මෙලොව සියලු දෑට වඩා මා වෙත ප්‍රිය මනාප වදනක් මට පහළ කරන ලද්දේය" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජුනුබ් (අනිවාර්‍ය ස්නානය කළ යුතු) තත්ත්වයට පත් නොවූ තාක්කල් අනෙකුත් සෙසු සෑම අවස්ථාවකම අල් කුර්ආනය අපට කියවා පෙන්වූහ.
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද ඒ දෙක ඔහුට ප්‍රමාණවත් වේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
මක්කා ජයග්‍රහණය ලැබූ දින අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනතාව අමතා දේශනා කළහ. එවිට එතුමාණෝ: අහෝ ජනයිනි! අඥාන යුගයේ අහංකාරකම් හා එහි මුතුන් මිත්තන් ගැන පුරසාරම් දෙඩීම් අල්ලාහ් නුඹලාගෙන් පහ කර ඇත. දැන් මිනිසුන් දෙවර්ගයකි. අල්ලාට ගෞරවනීය භක්තිමත් ධර්මිෂ්ඨයෙකි. අල්ලාහ්ට නින්දා සහගත අභාග්‍යමත් දුෂ්ඨයකි. මිනිසුන් සියල්ලෝම ආදම්ගේ දරුවෝ වෙති. අල්ලාහ් ආදම්ව පසින් මැව්වේය. අල්ලාහ් මෙසේ පවසයි: "අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර්ගිකයින් හා ගෝත්‍රිකයින් බවට නුඹලාව අපි පත් කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; මහා අභිඥානවන්තය. " (අල්-හුජුරාත්: 13)
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා ඉබ්නු හිබ්බාන් වාර්තා කර ඇත.