Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 19 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
ඔවුන් හුදෙයිබියා හි නියමිත සත්ව කැපය පිරිනමා, දුක හා මානසික අවපීඩනය මුසු වූ තත්ත්වක හුදෙයිබියාවේ සිට නැවත හැරී එන අවස්ථාවේ "ඉන්නා ෆතහ්නා ලක ෆත්හන් මුබීනන් ලියග්ෆිර ලකල්ලාහු" යන ප්‍රකාශයේ සිට "ෆව්සන් අලීමා" දක්වා වූ (සූරා අල්-ෆත්හ් 1-5) පාඨ පහළ වූ කල්හි එතුමාණෝ: "මෙලොව සියලු දෑට වඩා මා වෙත ප්‍රිය මනාප වදනක් මට පහළ කරන ලද්දේය" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද ඒ දෙක ඔහුට ප්‍රමාණවත් වේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මා වෙත දිව්‍ය වැකි කිහිපයක් පහළ විය. එවන් හා සමාන දෙයක් කිසිවිටෙකත් දක්නට නොවීය. එය ආරක්ෂාව පතන පරිච්ඡේද දෙක ය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.