Skip to content

“කවරෙකු මිනිසුනට කරුණාව නො දක්වන්නේ ද අල්ලාහ් ඔහුට කරුණාව නො දක්වයි.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“කවරෙකු මිනිසුනට කරුණාව නො දක්වන්නේ ද අල්ලාහ් ඔහුට කරුණාව නො දක්වයි.”

«مَنْ لَا يَرْحَمِ النَّاسَ لَا يَرْحَمْهُ اللهُ عَزَّ وَجَلَّ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

කවරෙකු මිනිසුනට කරුණාව නො දක්වන්නේ ද අල්ලාහ් ඔහුට කරුණාව නො දක්වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කර සිටියි. උත්තරීතර අල්ලාහ්ගේ කරුණාව ලබන්නට ඇති මහඟු හේතුසාධකයක් වන්නේ ගැත්තා මැවීම්වලට කරුණාව දැක්වීමයි.

හදීසයෙන් උගත හැකි පාඩම්

කරුණාව සෙසු මැවීම් සඳහා ද අපේක්ෂා කරනු ලබන්නකි. නමුත් මිනිසුන් ගැන මෙහි සඳහන් කරමින් ඔවුන්ගේ වැදගත් කම විශේෂයෙන් පවසා ඇත.

අල්ලාහ් මහා කාරුණිකය. කරුණාවන්ත ඔහුගේ ගැත්තන්හට ආදරය කරයි. ප්‍රතිඵල පිහිටනුයේ අදාළ ක්‍රියා වර්ගයෙනි.

මිනිසාට සෙත සැලසීම, ඔවුන්ට අත්වන හානිය වැළැක්වීම, ඔවුන් සමග යහපත් අයුරින් ගනුදෙනු කිරීම යනාදී කරුණු මිනිසාට කරුණාව දැක්වීම යන විෂයයට ඇතුළත් වේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (8/ 10) (6013).

සහීහ් මුස්ලිම් (4/ 1809) (2319).

තවත් බලන්න (5)

شرح رياض الصالحين.

لابن عثيمين (2/ 553).

نزهة المتقين شرح رياض الصالحين (1/ 247).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 319).