“මෙය වසර හැත්තෑවකට පෙර අපා ගින්නට විසිකරන ලද ගලකි. දැන් එය අපා ගින්නට එහි පතුළ තෙක් වැටෙමින් පවතී. නුඹලා සවන් දුන්නේ එය වැටෙන හඬට ය.” යැයි පැවසුහ
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග සිටියෙමු. එවිට යමක් වැටෙන හඬක් ඇසිණ. එවිට එතුමාණෝ: ‘ඒ කුමක්දැයි නුඹලා දන්නෙහු ද?” යැයි විමසූහ. අපි: “මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්’ වේ යැයි පැවසුවෙමු. එතුමාණෝ: “මෙය වසර හැත්තෑවකට පෙර අපා ගින්නට විසිකරන ලද ගලකි. දැන් එය අපා ගින්නට එහි පතුළ තෙක් වැටෙමින් පවතී. නුඹලා සවන් දුන්නේ එය වැටෙන හඬට ය.” යැයි පැවසුහ.
كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، إِذْ سَمِعَ وَجْبَةً، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «تَدْرُونَ مَا هَذَا؟» قَالَ: قُلْنَا: اللهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: «هَذَا حَجَرٌ رُمِيَ بِهِ فِي النَّارِ مُنْذُ سَبْعِينَ خَرِيفًا، فَهُوَ يَهْوِي فِي النَّارِ الْآنَ حَتَّى انْتَهَى إِلَى قَعْرِهَا».
ශරීරයක් බිම ඇඳ වැටුනාක් මෙන් කලබලකාරී හඬකට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සවන් දුන්හ. තමන් හමුවේ සිටින සහගාමීන්ගෙන් එම හඬ පිළිබඳ විමසා සිටියහ. එවිට ඔවුහු: "ඒ ගැන අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී" යයි පවසා සිටියෝ ය. එවිට එතුමාණෝ ඔවුනට මෙසේ පැවසූහ: "සැබැවින්ම ඔබ සවන් දුන් එම හඬ වසර හැත්තෑවකට පෙර අපා ගින්නට හෙළනු ලැබ, දැන් එහි පතුළට වැටුණු ගලකි. ඔබට දැන් ඇසුණේ එම හඩ ය."
ධාර්මික ක්‍රියාවන් ඉටු කිරීම තුළින් අවසන් දිනය සඳහා සූදානම් වීමට දිරි ගැන්වීම හා අපා ගින්න ගැන අනතුරු ඇඟවීම.
මිනිසා නොදන්නා දැනුමක් වී නම්, එම දැනුම අල්ලාහ් වෙත ආරෝපණය කිරීමේ යෝග්‍යතාවය.
ගුරුවරයකු යමක් පැහැදිලි කිරීමට පෙර ඒ ගැන උනන්දුව හා අවධානය අවදි කිරීම. එය වටහා ගැනීමට පහසු වනු ඇත.
සහීහ් මුස්ලිම් (4/ 2184) (2844).
තවත් බලන්න (6)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 476).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 369).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (6/ 414).
පොත්වල උපුටා දක්වා ඇත
2 පොත්තවත් බලන්න (2)
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 3«هذا حَجَرٌ رُمِيَ بِهِ في النَّارِ مُنْذُ سَبْعِينَ خَريفاً، فَهُو يَهْوِي في النَّارِ الآنَ حَتَّىٰ انْتَهَىٰ إلىٰ قَعْرِهَا، فَسَمِعْتُمْ وَجْبَتَهَا».
- مادة العقيدة الإسلامية( تَدْرُونَ مَا هَذَا ». قَالَ قُلْنَا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ « هَذَا حَجَرٌ رُمِىَ بِهِ فِى النَّارِ مُنْذُ سَبْعِينَ خَرِيفًا فَهُوَ يَهْوِى فِى النَّارِ الآنَ حَتَّى انْتَهَى إِلَى قَعْرِهَا ).