“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තක්බීර් සමඟ සලාතය ආරම්භ කර "අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්.. “
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තක්බීර් සමඟ සලාතය ආරම්භ කර "අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්.. “ (සූරා අල්-ෆාතිහා) පාරායනය කළහ. එතුමාණන් රුකූඋ ඉරියව්වට ගිය විට, එතුමාණන් හිස එසවූයේ නැති අතර පහත් කළේ ද නැත, නමුත් ඒ අතර (සමාන්තරව) තබා ගත්හ. රුකූඋ ඉරියව්වේ සිට හිස එසවූ විට, සීරුවෙන් සිට ගන්නා තුරු එතුමාණන් සුජූද් කළේ නැත. සුජූද් ඉරියව්වෙන් එතුමාණන් නැගිටින විට, ඍජුව වාඩි වන තුරු (දෙවන) සුජූදය කළේ නැත. සෑම සලාත් වාර දෙකකම අත්-තහය්යාතු (තෂහ්හුද්) පැවසූහ. එතුමාණන් තම වම් පාදය නමා (ඒ මත වාඩි වී) දකුණු පාදය ඔසවා තබා ගන්නට පුරුදුව සිටියහ. එතුමාණන් ෂෙයිතාන්ගේ ඉරියව් ක්‍රම භාවිතය තහනම් කිරීමට පුරුදුව සිටියහ. තවද මිනිසෙකු මෘග සතෙකු මෙන් තම දෑත් විහිදුවීමෙන් වාඩිවීම වළක්වන ලදී. තවද එතුමාණන් සලාම් පවසා සලාතය අවසන් කළහ."
كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَفْتِحُ الصَّلَاةَ بِالتَّكْبِيرِ، وَالقِرَاءَةِ، بِـ الحَمْدُ لِلَّهِ رَبِّ العَالَمِينَ، وَكَانَ إِذَا رَكَعَ لَمْ يُشْخِصْ رَأْسَهُ وَلَمْ يُصَوِّبْهُ، وَلَكِنْ بَيْنَ ذَلِكَ، وَكَانَ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ لَمْ يَسْجُدْ حَتَّى يَسْتَوِيَ قَائِمًا، وَكَانَ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ السَّجْدَةِ لَمْ يَسْجُدْ حَتَّى يَسْتَوِيَ جَالِسًا، وَكَانَ يَقُولُ فِي كُلِّ رَكْعَتَيْنِ التَّحِيَّةَ، وَكَانَ يَفْرِشُ رِجْلَهُ اليُسْرَى وَيَنْصِبُ رِجْلَهُ اليُمْنَى، وَكَانَ يَنْهَى عَنْ عُقْبَةِ الشَّيْطَانِ، وَيَنْهَى أَنْ يَفْتَرِشَ الرَّجُلُ ذِرَاعَيْهِ افْتِرَاشَ السَّبُعِ، وَكَانَ يَخْتِمُ الصَّلَاةَ بِالتَّسْلِيمِ.
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සලාත් ඉටු කළ ආකාරය මෙසේ විස්තර කළාය. එතුමාණන් 'අල්ලාහු අක්බර්' යැයි ආරම්භක තක්බීර් සමඟ සලාතය ආරම්භ කර සූරා අල්-ෆාතිහා පාරායනා කරන්නට ආරම්භ කළහ. එනම් "අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්..." ය. එතුමාණන් 'කියාම්' ඉරියව්වෙන් රුකූඋ ඉරියව්වට ගිය විට, රුකූඋ ඉරියව්ව අතරවාරයේ එතුමාණන් තම හිස ඔසවා ගත්තේ නැති අතර පහත් කර ගත්තේ ද නැත. ඒ වෙනුවට ඍජුව සමාන්තරව තබා ගත්හ. රුකූඋ ඉරියව්වෙන් හිස එසවූ විට, සුජූද් කිරීමට පෙර සීරුවෙන් සිට ගත්හ. පළමු සුජූද් ඉරියව්වෙන් එතුමාණන් හිස ඔසවා ගත් විට, ඍජුව වාඩි වන තුරු දෙවන සුජූදය කළේ නැත. සෑම සලාත් වාර දෙකකින් පසුව 'අත්-තහය්යාතු වස්සලාතු වත්තය්යිබාතු..." යනුවෙන් තෂහ්හුද් පැවසූහ. එතුමාණන් සුජූද් දෙක අතර හෝ තෂහ්හුද් සඳහා හෝ වාඩි වූ විට තම වම් පාදය නමාගෙන ඒ මත වාඩි වී දකුණු පාදය ඔසවා තබා ගන්නට පුරුදුව සිටියහ. ෂෙයිතාන්ගේ ඉරියව්වෙන් වාඩි වීම එතුමාණෝ වැළැක්වූහ. එනම් තම පාද දෙකම පොළොවේ විහිදුවා තබා ගෙන ඔහුගේ විළුඹ මත වාඩි වීම හෝ තම තට්ටම් දෙක පොළොවට ඇළෙන සේ වාඩි වී තම කෙණ්ඩ දෙක සිටුවා තබා සුනඛයකු වැතිරී සිටින්නානක් මෙන් තම අත් දෙක පොළොවේ තබා වාඩි වීම එසේ නැතහොත් මෘග සතුන් දිගාවී සිටන්නාක් මෙන් සුජූද් හි තම අත් දෙක මගින් වාඩි වී සුජූද් හි ඒ දෙක විහිදුවා තබා ගැනීමය. තවද එතුමාණන් "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යනුවෙන් වරක් දකුණු දෙසට හා තවත් වරක් වම් දෙසට හැරී සලාම් පවසා සලාතය අවසන් කළහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාත් ඉටු කළ ආකාරයෙන් කොටසක් පැහැදිලි කිරීම.
සලාතයේ ප්‍රකාශ හා එහි ක්‍රියා හැර අනෙකුත් සෑම ප්‍රකාශයක්ම හා ක්‍රියාවක්ම තහනම් කරන තක්බීරතුල් ඉහ්රාම් හෙවත් ආරම්භක තක්බීරය පැවසිය යුතුය. සලාතය තුළට පිවිසීම සඳහා මෙම ක්‍රමය හැර වෙනත් කිසිදු ක්‍රමයක් එම ස්ථානයට අනුගත වන්නේ නැත.
සූරා අල්-ෆාතිහා පාරායනය කිරීම අනිවාර්යය වේ.
රුකූඋ කිරීම අනිවාර්යය වේ. එහි දී හිස එසවීමෙන් හෝ පහත් කිරීමෙන් තොරව ඒ දෙක අතර සමාන්තරව තබා ගැනීම වඩාත් උතුම්ය.
රුකූඋ ඉරියව්වෙන් නැගිටීම අනිවාර්යය. ඉන් නැගීටීමෙන් පසු සිට ගත් එම ඉරියව්වේ දී ඍජුව සිට ගැනීම ද අනිවාර්යය.
සුජූද් කිරීම ද අනිවාර්යය වේ. ඉන් නැගිටීම හා ඉන් පසු ඍජුව වාඩිවීම ද අනිවාර්යය.
සලාත් ඉටු කරන්නා සලාතයේ ඉඳුමෙහි 'ඉෆ්තිරාෂ්' ක්‍රමයට එනම් වම් පාදය මත වාඩි වී දකුණු පාදය සිටුවා ගෙන වාඩි වීම ආගමානුගත කරන ලද්දකි. නමුත් මග්රිබ්, ඉෂා වැනි තෂහ්හුද් දෙකක් සහිත සලාතයේ අවසන් තෂහ්හුද් ආගමානුගත කරන ලද ඉඳුම වන්නේ තවර්රුක් ඉඳුමය. ඒ ගැන වෙනත් හදීස් වාර්තා කර ඇත.
තම ඉඳුම ෂෙයිතාන්ගේ ඉඳුමට සමාන වීම තහනම් කර ඇත. එනම් විළුඹු දෙක මත වාඩි වී, තම පාද දෙක පොළොවේ විහිඳුවා වාඩි වීම හෝ ඒ දෙක දෙපැත්තට සිටුවා තබා ගනිමින් ඒ දෙක අතර පොළොවේ වාඩිවීම ය.
වාඩිවීමේදී මෘග සතුන් හා සමානව වාඩිවීම් තහනම් කර ඇත. එනම් සලාතය ඉටු කරන්නා ඔහුගේ අත් දෙක පොළොව මත විහිදුවා තබා ගැනීමය. සැබැවින්ම එය මැලිකමේ හා දුර්වලකමේ සළකුණකි.
සලාතයේ ක්‍රියාවන් ෂෙයිතාන්ට හා සතුන්ට සමාන වන සේ ඉටු කිරීමේ තහනම.
සලාතය සලාමයෙන් නිමා කිරීම අනිවාර්යය වේ. එය සලාත් ඉටු කරන්නන්, එයට සහභාගී වී සිටින්නන් හට කරන ප්‍රාර්ථනාවකි. එමෙන්ම එයට සහභාගී නොවූ අයට සියලුම හානිදායක දෑ හා අඩුපාඩුවලින් රැකවරණය පතමිනි.
සලාතයේදී තැන්පත්වීම අනිවාර්යය.
සහීහ් මුස්ලිම් (1/ 357) (498).
තවත් බලන්න (11)
شرح النووي على مسلم (4/ 213).
سبل السلام.
لمحمد الصنعاني (1/ 248 ).
توضيح الأحكام مِن بلوغ المرام.
لعبد الله البسام (2/ 172).
فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.
لابن عثيمين (2/ 51).
تنبيه الأفهام شرح عمدة الأحكام.
لابن عثيمين (2/ 189).
تيسير العلام شرح عمدة الأحكام.
لعبد الله البسام (ص145).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهمالصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهمكَانَ رَسُولُ اللهِ ﷺ يَسْتَفْتِحُ الصَّلَاةَ بِالتَّكْبِيرِ، وَالْقِرَاءَةِ، بِ ﴿ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ﴾، وَكَانَ إِذَا رَكَعَ لَمْ يُشْخِصْ رَأْسَهُ، وَلَمْ يُصَوِّبْهُ وَلَكِنْ بَيْنَ ذَلِكَ، وَكَانَ إِذَا رَفَعَ رَأْسَهُ
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم« كَانَ رَسُولُ اللهِ ﷺ يَسْتَفْتِحُ الصَّلَاةَ بِالتَّكْبِيرِ، وَالْقِرَاءَةِ، بِ ﴿ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ﴾، وَكَانَ إِذَا رَكَعَ لَمْ يُشْخِصْ رَأْسَهُ، وَلَمْ يُصَوِّبْهُ وَلَكِنْ بَيْنَ ذَلِكَ، وَكَانَ إِذَا رَفَعَ رَأْسَه
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)مجموعة زاد الفقه (1)«وَكَانَ إِذَا رَفَعَ رَأْسَهُ مِنْ الرُّكُوعِ لَمْ يَسْجُدْ حَتَّى يَسْتَوِيَ قَائِماً».