Skip to content

ඔවුන් ජන සමූහයකි. ඔවුන් අතර දැහැමි ගැත්තෙකු හෝ දැහැමි මිනිසකු හෝ මිය ගිය විට ඔහුගේ මිනිවළ මත ඔවුහු දේවස්ථාන ඉදි කළෝය

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මේ වාර්තා කරන ලදී.

සැබැවින්ම උම්මු සලමා තුමිය ඇබීසීනියානු දේශයේ දුටු මාරියා නම් පල්ලියක් පිළිබඳ මෙනෙහි කළාය. එහිදී ඇය දුටු පින්තූරු ගැන ද මතක් කර සිටියාය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළහ. “ඔවුන් ජන සමූහයකි. ඔවුන් අතර දැහැමි ගැත්තෙකු හෝ දැහැමි මිනිසකු හෝ මිය ගිය විට ඔහුගේ මිනිවළ මත ඔවුහු දේවස්ථාන ඉදි කළෝය. එහි එම පින්තූරු නිර්මාණය කළෝය. අල්ලාහ් අබියස වඩාත් නපුරුම ජනයා ඔවුහුය.”

أَنَّ أُمَّ سَلَمَةَ ذَكَرَتْ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَنِيسَةً رَأَتْهَا بِأَرْضِ الْحَبَشَةِ، يُقَالُ لَهَا مَارِيَةُ، فَذَكَرَتْ لَهُ مَا رَأَتْ فِيهَا مِنَ الصُّوَرِ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أُولَئِكَ قَوْمٌ إِذَا مَاتَ فِيهِمُ الْعَبْدُ الصَّالِحُ، أَوِ الرَّجُلُ الصَّالِحُ، بَنَوْا عَلَى قَبْرِهِ مَسْجِدًا، وَصَوَّرُوا فِيهِ تِلْكَ الصُّوَرَ، أُولَئِكَ شِرَارُ الْخَلْقِ عِنْدَ اللهِ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

දේවත්වය විශ්වාස කරන්නන්ගේ මාතාවක් වන උම්මු සලමා තුමිය ඇබීසීනියානු දේශයේ සිටිය දී ඇය දුටු මාරියා නම් පල්ලියක් පිළිබඳවත් එහි ඇති ප්‍රතිමා, රූප හා අලංකරණයන් පිළිබඳවත් පුදුමයෙන් යුතුව මෙනෙහි කළාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙම ප්‍රතිමා ඉදි කිරීමට හේතු වූ සාධක පැහැදිළි කළහ: එතුමා‌ණෝ, 'සඳහන් කරනු ලැබූ ඔවුන් වනාහි, ඔවුන් අතර දැහැමි තැනැත්තෙකු මිය ගිය විට ඔවුන් ඔහුගේ මිනිවළ මත දේවස්ථාන ඉදි කර එහි යාඥාවල නිරත වෙයි. එම රූපය ඔවුන් නිර්මාණ කරයි යැයි පවසා සිටියහ. සැබැවින්ම එසේ සිදු කරන්නා උත්තරීතර අල්ලාහ් අබියස මැවීම් අතරින් වඩාත් නපුරුම තැනැත්තා බව ද පැහැදිළි කළහ. ඊට හේතුව, එසේ සිදු කිරීම උත්තරීතර අල්ලාහ්ට ආදේශ කිරීම දක්වා ගෙන යනු ඇත.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

මිනීවලවල් මත දේවස්ථාන ඉදි කිරීම හෝ ඒ අබියස සලාත් ඉටු කිරීම හෝ දේවස්ථාන තුළ මිය ගිය ඇත්තන් වල දැමීම හෝ තහනම් කරන ලද්දකි. එය ‌බහුදේවවාදයේ කඩතුරාව අවහිර කිරීමක් ලෙසිනි.

මිනී වලවල් මත දේවස්ථාන ඉදි කිරීම, එහි ප්‍රතිමා ස්ථාපනය කිරීම යනාදිය යුදෙව් හා කිතුනුවන්ගේ ක්‍රියාදාම වේ. කවරෙකු එසේ සිදු කළේ ද සැබැවින්ම ඔහු ඔවුන්ට අනුකූලව කටයුතු කළ අයකු විය.

ප්‍රාණ ඇති දෑට ප්‍රතිරූප නිර්මාණය කිරීමේ තහනම.

කවරෙකු මිනී වලක් මත දේවස්ථානයක් ඉදි කොට එහි ප්‍රතිමා නිර්මාණය කළේ ද ඔහු උත්තරීතර අල්ලාහ්ගේ මැවීම් අතරින් නපුරුතම අය වේ.

බහුදේවවාදයට මඟ පෑදිය හැකි සියලු මාර්ග අවහිර කිරීමෙන් ෂරියා නීතිය ඒකදේවවාදයට යන මාර්ගය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර ඇත.

ධර්මිෂ්ඨයන් සම්බන්ධයෙන් අතිශයෝක්තිය තහනම් කිරීම; මන්ද එය ‌ෂිර්ක් හෙවත් දේව ආදේශයට හසුවීමට හේතුවක් වන බැවිනි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 94) (434).

සහීහ් මුස්ලිම් (1/ 375) (528).

තවත් බලන්න (14)

مرقاة المفاتيح.

لعلي القاري (7/ 2857).

توضيح الأحكام مِن بلوغ المرام.

لعبد الله البسام (2/ 115).

فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.

لابن عثيمين (1/ 598).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (2/ 469).

تيسير العلام شرح عمدة الأحكام.

لعبد الله البسام (ص290).

الجديد في شرح كتاب التوحيد.

لمحمد القرعاوي (ص183).

الملخص في شرح كتاب التوحيد.

لصالح الفوزان (ص168).