“කවරෙකු යම් ආහාරයක් අනුභව කොට, ‘අල්හම්දු ලිල්ලාහිල්ලදී අත්අමනී හාදා වරසකනීහි මින් ගයිරි හවුලින් මින්නී වලා කුව්වා’ (මා හට කිසිදු බලයක් හෝ හැකියාවක් හෝ නොතිබියදී මෙම ආහාරය පිරිනමා මා පෝෂණය කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා) යැයි පවසා සිටියේ ද පෙර කළ ඔහුගේ පාපයන් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු මුආද් ඉබ්නු අනස් (රළියල්ලාහු අන්හු) තුමා, තම පියාගෙන් ලබා මෙසේ වාර්තා කරන ලදී.
“කවරෙකු යම් ආහාරයක් අනුභව කොට, ‘අල්හම්දු ලිල්ලාහිල්ලදී අත්අමනී හාදා වරසකනීහි මින් ගයිරි හවුලින් මින්නී වලා කුව්වා’ (මා හට කිසිදු බලයක් හෝ හැකියාවක් හෝ නොතිබියදී මෙම ආහාරය පිරිනමා මා පෝෂණය කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා) යැයි පවසා සිටියේ ද පෙර කළ ඔහුගේ පාපයන් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ."
«مَنْ أَكَلَ طَعَامًا فَقَالَ: الحَمْدُ لِلَّهِ الَّذِي أَطْعَمَنِي هَذَا وَرَزَقَنِيهِ مِنْ غَيْرِ حَوْلٍ مِنِّي وَلاَ قُوَّةٍ، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ».
ආහාර අනුභව කළ තැනැත්තා අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරිමත් කළේය. හේතුව ආහාර ලැබීමට කිසිදු හැකියාවක් තමන්ට නොතිබුණු බැවින් හා එමෙන්ම එය අනුභව කිරීමට උත්තරීතර අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් හා ඔහුගේ උපකාරයෙන් මිස සිදුවන්නක් නොවන බැවිනි. කවරෙකු මෙය පවසන්නේ ද, ඔහු පෙර කළ ඔහුගේ සුළු පාපකම් සඳහා සමාව ලබන්නට ඔහු සුදුස්සකු වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට ශුභාරංචි දන්වා සිටියහ.
ආහාර ගැනීමෙන් පසු අවසානයේ උත්තරීතර අල්ලාහ්ට ප්‍රශංසා කිරීම සතුටු දායක ක්‍රියාවකි.
අල්ලාහ් තම ගැත්තන් හට ආහාර සපයා, ඒ සඳහා පෝෂණ සම්පත් ඔවුනට පහසු කර, ඒ තුළින් ඔවුන්ගේ පාපකම් සඳහා සමාව දානය කිරීමෙන් ඔහු ඔවුනට පිරිනමා ඇති ආශිර්වාදය පැහැදිලි කිරීම.
ගැත්තන්ගේ සියලුම කටයුතු සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූවකි. ඔවුන්ගේ හැකියාවෙන් හා ඔවුන්ගේ ශක්තියෙන් ඒවා සිදු වන්නේ නැත. ගැත්තා නියෝග කරනු ලැබ ඇත්තේ හේතු සාධක මත ක්‍රියාත්මක කිරීම සඳහාය.
සුනන් අත් තිර්මිදි (5/ 452) (3458).
සුනන් අබූ දාවූද් (6/ 138) (4023).
සුනන් ඉබ්නු මාජහ් (4/ 417) (3285).
මුස්නද් අහ්මද් (24/ 394) (15632).
තවත් බලන්න (6)
نزهة المتقين شرح رياض الصالحين.
مجموعة من الباحثين (1/ 602).
بهجة الناظرين شرح رياض الصالحين.
للهلالي (2/ 54).
تاج العروس من جواهر القاموس.
للزبيدي (28/ 366).
පොත්වල උපුටා දක්වා ඇත
4 පොත්තවත් බලන්න (4)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"من أكل طعاماً فقال: الحمد لله الذي أطعمني هذا، ورزقنيه من غير حول مني ولا قوةٍ، غفِرَ له ما تقدم من ذنبه" .
- تحفة الأخيار تحفة الأخيار (ببيان جملة نافعة مما ورد في الكتاب والسنة من الأدعية والأذكار)«مَنْ أَكَلَ طَعَامًا فَقَالَ: الحَمْدُ لِلَّهِ الَّذِي أَطْعَمَنِي هَذَا وَرَزَقَنِيهِ مِنْ غَيْرِ حَوْلٍ مِنِّي وَلَا قُوَّةٍ، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ» [80]
- رسالة في الأذكار1«مَنْ أَكَلَ طَعَامًا فَقَالَ: الحَمْدُ للهِ الَّذِي أَطْعَمَنِي هَذَا وَرَزَقَنِيهِ مِنْ غَيْرِ حَوْلٍ مِنِّي وَلَا قُوَّةٍ غُفِرَ لَهُ مَا تَقَدَّمَ لَهُ مِنْ ذَنْبِهِ».
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 4«مَنْ أَكَلَ طَعَاماً فَقَالَ: الحَمْدُ لله الَّذِي أَطْعَمَنِي هذا الطَّعَامَ، وَرَزَقَنِيهِ مِنْ غَيْرِ حَوْلٍ مِنِّي وَلا قُوَّةٍ، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ».