Skip to content

“මළවුන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී මුඃමින්වරයකුගේ තුලාවේ ගුණදම්වලට වඩා බරැති කිසිවක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අසභ්‍ය දෑ කතා කරන, අශීලාචාර ක්‍රියා කරන අය කෙරෙහි කෝප වේ

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“මළවුන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී මුඃමින්වරයකුගේ තුලාවේ ගුණදම්වලට වඩා බරැති කිසිවක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අසභ්‍ය දෑ කතා කරන, අශීලාචාර ක්‍රියා කරන අය කෙරෙහි කෝප වේ."

«مَا شَيْءٌ أَثْقَلُ فِي مِيزَانِ الْمُؤْمِنِ يَوْمَ القِيَامَةِ مِنْ خُلُقٍ حَسَنٍ، وَإِنَّ اللَّهَ لَيُبْغِضُ الفَاحِشَ البَذِيءَ».

අබූ දාවූද් සහ තිර්මිදි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මළවුන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී මුඃමින්වරයකුගේ තුලාවේ ක්‍රියාවන් හා ප්‍රකාශ අතරින් වඩාත් බරැති දෑ වනුයේ යහපත් ගුණදම් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියේය. එනම් සිනහ මුසු මුහුණ, හානි සිදුකිරීමෙන් ඉවත් වීම හා යහපත සිදු කිරීමය. ක්‍රියාවෙහි හා ප්‍රකාශයෙහි අශීලාචාරව කටයුතු කරන්නා කෙරෙහි හා ප්‍රකාශයෙහි අසභ්‍ය දෑ තෙපලන්නා කෙරෙහි උත්තරීතර අල්ලාහ් උරණ වේ.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

යහපත් ගුණදම්වල මහිමය: සැබැවින්ම එය අදාළ තැනැත්තාට අල්ලාහ්ගේ ආදරය, ඔහුගේ ගැත්තන්ගේ ආදරය උරුම කර දෙයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිරනු ලබන දැයින් වඩාත් බලවත්ම දෑ එය වන්නේය.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (7/ 177) (4799).

සුනන් අත් තිර්මිදි (3/ 535) (2002).

තවත් බලන්න (10)

توضيح الأحكام من بلوغ المرام.

لعبد الله البسام (7/ 487).

منحة العلام شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 264).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 673).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص410).

نزهة المتقين شرح رياض الصالحين.

مجموعة من الباحثين (1/ 526).