Skip to content

“නුඹලා එය(මුල් සඳ) දුටු විට උපවාසයේ නිරත වන්න. එමෙන්ම නුඹලා එය දුටු විට උපවාසයෙන් මිදෙන්න. නමුත් එය නුඹලා වෙත වැහි වලාවෙන් වැසී ඇත්නම් ඒ සඳහා දින ගණන් බලන්න.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

“නුඹලා එය(මුල් සඳ) දුටු විට උපවාසයේ නිරත වන්න. එමෙන්ම නුඹලා එය දුටු විට උපවාසයෙන් මිදෙන්න. නමුත් එය නුඹලා වෙත වැහි වලාවෙන් වැසී ඇත්නම් ඒ සඳහා දින ගණන් බලන්න.”

«إِذَا رَأَيْتُمُوهُ فَصُومُوا، وَإِذَا رَأَيْتُمُوهُ فَأَفْطِرُوا، فَإِنْ غُمَّ عَلَيْكُمْ فَاقْدُرُوا لَهُ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

රමළාන් මස ප්‍රවේශයේ හා එය ඉකුත්ව යෑමේ සළකුණ සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිලි කරමින් පැවසූහ: ඔබ රමළාන් මාසයේ නව සඳ දුටු විටෙක උපවාසයේ නිරත වන්න. ඔබ අතර හා එය අතර යම් බාධකයක් වී නම් හෝ ඔබට එය මුළා වී ඇත්නම් හෝ ෂඃබාන් මාසය දින තිහක් ලෙස ගණන් බලන්න. ෂව්වාල් මාසයේ නව සද දුටු විට ඔබ උපවාසය අත්හරින්න. ඔබ අතර හා එය අතර යම් බාධකයක් වී නම් හෝ ඔබට එය මුළා වී ඇත්නම් හෝ රමළාන් මාසය දින තිහක් ලෙස ගණන් බලන්න.

හදීසයෙන් උගත හැකි පාඩම්

මාසය ප්‍රවේශ වී ඇති බව ස්ථීර කරනු ලබනුයේ දින ගණන ගණන් බැලීම මත නොව සඳ දැකීම සහතික කිරීම මත ය.

සඳ දැකීමෙන් තොරව දින ගණන් අනුව පමණක් රමළාන් මාසය ප්‍රවේශ වූ විටෙක එහි දී උපවාසය අනිවාර්යය නොවන බව ඒකමතික තීන්දුව වේ යැයි ඉබ්නු මුන්දිර් තුමා දන්වා සිටියි.

රමළාන් මාසයේ නව සඳ දැකිය නොහැකි තරමට වළාකුලෙන් ආවරණය වී ඇත්නම් හෝ එවැනි වෙනත් යම් බාධකයක් වී නම් හෝ ෂඃබාන් මාසය දින තිහක් ලෙස ගණන් බලා සම්පූර්ණ කළ යුතුය.

චන්ද්‍ර මාසය දින තිස් නවයකින් හෝ දින තිහකින් හෝ නිමා වේ.

වළාකුළු හේතුවෙන් හෝ එවැනි වෙනත් කරුණක් හේතුවෙන් ෂව්වාල් මාසයේ නව සඳ දැකිය නොහැකි විටෙක රමළාන් මාසය දින තිහක් ලෙස ගණන් බලා එය සම්පූර්ණ කළ යුතු වේ.

උපවාසය සම්බන්ධයෙන් මුස්ලිම්වරුන්ගේ කටයුතු සොයා බලන කිසිවකු නොමැති ස්ථානයක හෝ ඒ ගැන සැළකිලිමක් නොවන අය අතර කෙනෙකු වී නම්, ඒ ගැන අවධානය යොමු කර තමන් එය දැකීමෙන් හෝ විශ්වාසනීය කෙනෙකු දැකීමෙන් හෝ ඒ ගැන සහතික කරන අය සොයා බලා පසුව ඒ අනුව උපවාසය රැකිය යුතු අතර ඒ අනුව උපවාසය අත්හැරිය යුතුය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (3/ 25) (1900).

සහීහ් මුස්ලිම් (2/ 760) (1080).

තවත් බලන්න (9)

تيسير العلام.

لعبد الله البسام (ص314).

تنبيه الأفهام شرح عمدة الأحكام.

لابن عثيمين (3/ 414).

الإفهام في شرح عمدة الأحكام.

لابن باز (ص385).

خلاصة الكلام على عمدة الأحكام.

لفيصل آل مبارك (ص146).

الموسوعة الفقهية الكويتية (23/ 142).