Skip to content

කවරෙකුට සලාතයක් අමතක වූයේ ද පසුව ඔහුට එය මතක් වූ විට ඔහු එය ඉටු කළ යුතුය. එයට එය හැර වෙනත් ප්‍රතිකර්මයක් නැත

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

කවරෙකුට සලාතයක් අමතක වූයේ ද පසුව ඔහුට එය මතක් වූ විට ඔහු එය ඉටු කළ යුතුය. එයට එය හැර වෙනත් ප්‍රතිකර්මයක් නැත. "මා සිහිපත් කරනු පිණිස සලාතය ඉටු කරනු" (තාහා: 14)

«مَنْ نَسِيَ صَلَاةً فَلْيُصَلِّ إِذَا ذَكَرَهَا، لَا كَفَّارَةَ لَهَا إِلَّا ذَلِكَ: {وَأَقِمِ الصَّلاةَ لِذِكْرِي} [طه: 14]».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සලාතයේ වේලාව අතපසු වී යන තෙක්ම අනිවාර්යය සලාතය ඉටු කිරීමට අමතක වූ තැනැත්තා එය මතක් වූ වහාම එය ඉටු කිරීමට ඉක්මන් විය යුතු බවත් යුහුසුළු විය යුතු බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එය අත්හැරීමේ පාපයට, මතක් වූ වහාම එය ඉටු කිරීම හැර වෙනත් ප්‍රතිකර් මයක් හා පිළියමක් නැත. අල්ලාහ් ශුද්ධ වූ අල්කුර් ආනයේ මෙසේ පවසයි: "මා මතක් වූ විට ඔබ සලාත් ඉටු කරන්න." (තාහා: 14) එනම්: අමතක වූ සලාතය එය මතක් වූ විට ඉටු කරන්න යන්නයි.

හදීසයෙන් උගත හැකි පාඩම්

සලාතයේ වැදගත්කම පැහැදිලි කිරීම හා එය ඉටු කිරීමේ දී මෙන්ම එය මතක් වූ වහාම ඉටු කිරීමේදී සැලකිලිමත්වීම ගැන පැහැදිලි කිරීම.

කිසිදු හේතුවකින් තොරව උවමනාවෙන්ම සලාතය එහි නියමිත වේලාවෙන් ප්‍රමාද කිරීම සුදුසු නොවන්නේය.

සලාතය අමතක වූ තැනැත්තා එය මතක් වූ විට ද, නිදාගත් තැනැත්තා අවදි වූ විට ද සලාතයේ වගකීම ඉටු කිරීමේ අනිවාර්යභාවය.

තහනම් කරන ලද වේලාවන්හි වුව ද වහාම එම සලාත් ඉටු කිරීමේ අනිවාර්යභාවය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 122) (597).

සහීහ් මුස්ලිම් (1/ 477) (684).

තවත් බලන්න (2)

فتح الباري لابن حجر (2/ 71).

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (14/ 612).