Skip to content

මිනිසෙකු ගමන් කරමින් සිටින අතරවාරයේ මාර්ගයේ කටු අත්තක් දැක ඔහු එය ඉවත් කළේය. එවිට අල්ලාහ් ඔහුට තුතිවන්ත වී ඔහුට සමාව දුන්නේය

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"මිනිසෙකු ගමන් කරමින් සිටින අතරවාරයේ මාර්ගයේ කටු අත්තක් දැක ඔහු එය ඉවත් කළේය. එවිට අල්ලාහ් ඔහුට තුතිවන්ත වී ඔහුට සමාව දුන්නේය."

«بَيْنَمَا رَجُلٌ يَمْشِي بِطَرِيقٍ وَجَدَ غُصْنَ شَوْكٍ عَلَى الطَّرِيقِ فَأَخَّرَهُ، فَشَكَرَ اللَّهُ لَهُ فَغَفَرَ لَهُ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මිනිසෙකු ගමන් කරමින් සිටින අතරවාරයේ මාර්ගයේ සෙසු අයට හානි පමුණුවන කටු සහිත ගසක අත්තක් දැක ඔහු එය මාර්ගයෙන් ඉවත් කළේය. එවිට අල්ලාහ් ඔහුට තුතිවන්ත වී ඔහුට සමාව දුන්නේය යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

මාර්ගයේ ඇති හානිදායක දෑ ඉවත් කිරීමේ මහිමය. එය අල්ලාහ්ගේ සමාව ලැබීමට හේතු සාධකයක් වේ.

යහපත් ක්‍රියාවන් කිසිවක් එය සුළු දෙයක් වුව ද පහත් කොට නොසැලකීම.

ඉස්ලාමය පිරිසිදු කමේ දහමයි. ස්වභාවධර්මය ආරක්ෂා කරන හා පොදු ජනතාවට රැකවරණය ලබා දෙන දහමයි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 132) (652).

සහීහ් මුස්ලිම් (3/ 1521) (1914).

තවත් බලන්න (6)

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 156).

شرح رياض الصالحين.

لابن عثيمين (2/ 175).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 207).