හසන් සහ හුසෙයින් ස්වර්ග වාසී තරුණයින්ගේ නායකයින් දෙදෙනා වෙති
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"හසන් සහ හුසෙයින් ස්වර්ග වාසී තරුණයින්ගේ නායකයින් දෙදෙනා වෙති."
«الحَسَن والحُسَيْن سَيِّدا شَباب أهْل الجنة».
සැබැවින්ම අලී ඉබ්නු අබී තාලිබ් හා තම දුව වන ෆාතිමා (රළියල්ලාහු අන්හුමා) ගේ පුතුන් වන තම මුණුබුරන් වන, හසන් හා හුසෙයින් (රළියල්ලාහු අන්හුමා) යන දෙදෙනා, තරුණ වියේ මරණයට පත්ව භාග්‍යමත් ස්වර්ගයට පිවිසෙන සෑම කෙනෙකුගේ නායකයෝ දෙදෙනා වෙති. එසේ නැතහොත් ඔවුන් දෙදෙනා නබිවරුන් 'කුලෆාඋර් රාෂිදීන්' හෙවත් ප්‍රධාන පෙළේ අනුගාමිකයින් හැර සෙසු ස්වර්ගවාසී තරුණයින්ගේ ප්‍රධානියෝ දෙදෙනා වෙති. යනුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.
මෙහි හසන් හා හුසෙයින් (රළියල්ලාහු අන්හුමා) සතු භාග්‍යය පැහැදිලිව සඳහන් වේ.
මෙම හදීසයේ අර්ථය මෙසේ සඳහන් වී ඇත: සැබැවින්ම ඔවුන් දෙදෙනා හදීසය සඳහන් කරන වේලාවේ එවක සිටි තරුණයින් අතර ස්වර්ගවාසී තරුණයින්ගේ ප්‍රධානියන් දෙදෙනා යන වගයි. එසේ නැතහොත් සැබැවින්ම ඔවුන් දෙදෙනා නබිවරුන් කුලෆාවරුන් මෙන් කිසිවකුට පොදු මහිමය සහතික නොකළ අයට වඩා ශ්‍රේෂ්ඨ අය වන වග ය. එසේත් නැතහොත් තරුණකම හා අභිමානය, ගෞරවය හා වීරය වැනි තාරුණ්‍යයේ ගුණාංග සමග ගුණ ගායණා කළ අයගේ ප්‍රධානීන් දෙදෙනා යන වගය. ඒ අනුව තාරුණ්‍යයේ වයස පැමිණිය යුතු නැත. ඊට හේතුව හසන් හා හුසෙයින් (රළියල්ලාහු අන්හුමා) යන දෙදෙනා මිය ගියේ වයස්ගත වියේදීය.
සුනන් අත් තිර්මිදි (6/ 113) (3768).
මුස්නද් අහ්මද් (17/ 31) (10999).
තවත් බලන්න (6)
حاشية السندي على سنن ابن ماجه.
محمد بن عبد الهادي التتوي (1/ 56).
تحفة الأحوذي بشرح جامع الترمذي.
محمد المباركفوري (10/ 178).
المصباح المنير في غريب الشرح الكبير.
لأحمد الفيومي (1/ 294).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- المعايشون للمصطفى صلى الله عليه وسلم(الحسن والحسين سيِّدا شباب أهل الجنة)). ([291])
- المعايشون للمصطفى صلى الله عليه وسلم(الحسن والحسين سيدا شباب أهل الجنة))،([325])
- المناهج التعليمية - الصف السادسالمناهج الدراسية - التوحيد - الصف السادس «الْحَسَنُ وَالْحُسَيْنُ سَيِّدَا شَبَابِ أَهْلِ الْجَنَّةِ»[38].