Skip to content

මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්' යැයි පවසන තුරු අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

"මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්' යැයි පවසන තුරු අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ. "

«لاَ تَقُومُ السَّاعَةُ حَتَّى يَمُرَّ الرَّجُلُ بِقَبْرِ الرَّجُلِ فَيَقُولُ: يَا لَيْتَنِي مَكَانَهُ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'තමන් ඔහුගේ ස්ථානයේ මිය ගොස් සිටියා නම්' යැයි පවසා ඒ ගැන ආශා කරන තුරු අවසන් හෝරාව ක්‍රියාත්මක නොවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

අවසන් කාලයේ දී පාපකම් හා අර්බූද මතුවන බව නිරූපණය කිරීම.

ප්‍රවේසම් වන මෙන් ද දේව විශ්වාසය හා දැහැමි ක්‍රියා සිදු කරමින් මරණය සඳහා සූදානම් වන මෙන් ද අර්බූද හා විපත්ති ඇති ස්ථානවලින් ඈත්ව සිටින මෙන් ද දිරි ගැන්වීම.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (9/ 58) (7115).

සහීහ් මුස්ලිම් (4/ 2231) (157).

තවත් බලන්න (4)

إكمال المعلم (8/451).

شرح ابن بطال (10/58).

الإفصاح عن معاني الصحاح (6/295).

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (44/ 388).