Skip to content

පෙර පේළිය ද පසුව ඊට පරව ඇති පේළිය ද සම්පූර් ණ කරන්න. යම් අඩුවක් වී නම්, එය අවසාන පේළිය අතර සකසා ගත යුතුය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී:

පෙර පේළිය ද පසුව ඊට පරව ඇති පේළිය ද සම්පූර් ණ කරන්න. යම් අඩුවක් වී නම්, එය අවසාන පේළිය අතර සකසා ගත යුතුය.

«أَتِمُّوا الصَّفَّ المُقَدَّمَ، ثُمَّ الَّذِي يَلِيهِ، فَمَا كَانَ مِنْ نَقْصٍ فَلْيَكُنْ فِي الصَّفِّ المُؤَخَّرِ».

මෙය අබූ දාවූද් සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සාමුහිකව සලාතය ඉටු කරන පිරිමින් හට පළමු පේළිය සම්පූර්ණ න කරන මෙන් ද පසුව ඊට පරව ඇති පේළිය සම්පූර්ණ න කරමින් ඒ අනුව අනෙකුත් පේළිද සකස් කර ගන්නා මෙන් ද පේළියක යම් අඩුවක් දුටුවේ නම් එම අඩුව අවසන් පේළියේ සකසන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නියෝග කළහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

පේළි සමාන්තවර සකසා ගැනීමේ නබි පිළිවෙත පැහැදිලි කිරීම.

ඉදිරි පේළිවල හිඩැස් නොතිබීම සාමුහිකව සලාත් ඉටු කරන්නන්ගේ යුතුකමයි. ඒ වෙනුවට එහි අඩුව අවසන් පේළියේ සකස් කර ගත යුතුය.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (2/ 10) (671).

සුනන් අන් නසාඊ (2/ 93) (818).

තවත් බලන්න (1)

شرح سنن أبي داود للعباد (89/ 25).