“ඔබේ පේළි සමාන්තර ව සකසා ගන්න. සැබැවින්ම පේළි සමාන්තර ව සකසා ගැනීම සලාතයේ පූර්ණභාවයෙන් එකකි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“ඔබේ පේළි සමාන්තර ව සකසා ගන්න. සැබැවින්ම පේළි සමාන්තර ව සකසා ගැනීම සලාතයේ පූර්ණභාවයෙන් එකකි."
«سَوُّوا صُفُوفَكُمْ، فَإِنَّ تَسْوِيَةَ الصَّفِّ مِنْ تَمَامِ الصَّلَاةِ».
තමන්ගේ පේළි නිවැරදිව සකසා ගන්නා මෙන් ද කිසිවෙක් කිසිවකුට වඩා ඉදිරියෙන් හෝ පසුපසින් නොසිටින මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතය ඉටු කරන්නන් වෙත නියෝග කළ අතර සැබැවින්ම එසේ සමාන්තරව පේළි සකසා ගැනීම සලාතයේ සම්පූර්ණත්වයේ හා පූර්ණවත්භාවයේ කරුණක් බවත් පේළි අතර ඇදය තිබීම එහි අඩුවක් හා අසම්පූර්ණත්වයක් බවත් පෙන්වා දුන්හ.
සලාතය පූර්ණවත් වන සෑම කටයුත්තක් ගැනම අවදානය යොමු කිරීම හා සිදුවන අඩුපාඩුවලින් දුරස්වීම ආගමානුගත කරන ලද්දකි.
ආගමානුගත කිරීමේ ප්‍රඥාව පැහැදිලි කිරීම සඳහාත් (දෙනු ලබන තීන්දු) පිළිපැදීමට ආත්මාවන් ධෛර්යමත් කිරීම සඳහාත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉගැන්වීමේ දී තීන්දුව එහි හේතු සාධකය සමග සම්බන්ධ කරමින් පැහැදිලි කිරීමේ ප්‍රඥාව.
සහීහුුල් බුහාරි (1/ 145) (723).
සහීහ් මුස්ලිම් (1/ 324) (433).
තවත් බලන්න (6)
تيسير العلام شرح عمدة الأحكام.
للبسام (ص127).
تنبيه الأفهام شرح عمدة الأحكام.
لابن عثيمين (1/ 161).
الإفهام في شرح عمدة الأحكام.
لابن باز (ص173).