Skip to content

ඒ හේතුවෙන් අල්ලාහ් ඇයට ස්වර්ගයට නියම කළේය. නැතහොත් එමගින් ඇයව නිරයෙන් නිදහස් කළේය

දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මවක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.

දුප්පත් කාන්තාවක් ඇගේ දියණියන් දෙදෙනා රැගෙන මා වෙත පැමිණියාය. එවිට මම ඇයට කෑමට රට ඉඳි තුනක් දුන්නෙමි. ඇය ඇගේ දියණියන්ට එක බැගින් දුන්නා ය. ඉන්පසු ඇය ඉතිරි රට ඉඳිය කෑමට ඇගේ කට ළඟට එසවූ නමුත්, ඇගේ දියණියන් එය ඉල්ලා සිටි නිසා ඇය එම රට ඉඳිය ඔවුන් දෙදෙනා අතර බෙදා දුන්නාය. ඇගේ ක්‍රියාව මා මවිතයට පත් කළේය. පසුව මම අල්ලාහ්ගේ දූතයා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට ඇය කළ දේ ගැන මෙනෙහි කළෙමි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ.: "ඒ හේතුවෙන් අල්ලාහ් ඇයට ස්වර්ගයට නියම කළේය. නැතහොත් එමගින් ඇයව නිරයෙන් නිදහස් කළේය."

جَاءَتْنِي مِسْكِينَةٌ تَحْمِلُ ابْنَتَيْنِ لَهَا، فَأَطْعَمْتُهَا ثَلَاثَ تَمَرَاتٍ، فَأَعْطَتْ كُلَّ وَاحِدَةٍ مِنْهُمَا تَمْرَةً، وَرَفَعَتْ إِلَى فِيهَا تَمْرَةً لِتَأْكُلَهَا، فَاسْتَطْعَمَتْهَا ابْنَتَاهَا، فَشَقَّتِ التَّمْرَةَ الَّتِي كَانَتْ تُرِيدُ أَنْ تَأْكُلَهَا بَيْنَهُمَا، فَأَعْجَبَنِي شَأْنُهَا، فَذَكَرْتُ الَّذِي صَنَعَتْ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: «إِنَّ اللهَ قَدْ أَوْجَبَ لَهَا بِهَا الْجَنَّةَ، أَوْ أَعْتَقَهَا بِهَا مِنَ النَّارِ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මවක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියාය: දුප්පත් කාන්තාවක් ඇගේ දියණියන් දෙදෙනා රැගෙන මා වෙත යමක් ඉල්ලා පැමිණියාය. එවිට මම ඇයට කෑමට රට ඉඳි තුනක් දුන්නෙමි. ඇය ඇගේ දියණියන් දෙදෙනාගෙන් එක් එක් අයට රට ඉඳිය බැගින් දුන්නා ය. ඉන්පසු ඇය ඉතිරි රට ඉඳිය කෑමට ඇගේ කට ළඟට එසවූවාය. නමුත් ඇය අනුභව කරන්නට සිතූ එම රට ඉඳිය ඇගේ දියණියන් දෙදෙනා ඇගෙන් ඉල්ලා සිටියෝය. එවිට ඇය ඔවුන් දෙදෙනා අතර එම රට ඉඳිය බෙදා දුන්නාය. ඇගේ ක්‍රියාව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියව මවිතයට පත් කළේය. පසුව එම කාන්තාව සිදු කළ දෑ අල්ලාහ්ගේ දූතයා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට ඇය මෙනෙහි කළා ය. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ.: සැබැවින්ම අල්ලාහ් එම රට ඉඳිය හේතුවෙන් ඇයට ස්වර්ගයට නියම කළේය. නැතහොත් එමගින් ඇයව නිරයෙන් නිදහස් කළේය.

හදීසයෙන් උගත හැකි පාඩම්

සදකාව සුළු වුව ද එහි මහිමය. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ අවංකත්වය හා අල්ලාහ්ගේ ප්‍රතිඥාව හා ඔහුගේ භාග්‍යය කෙරෙහි ඔහු තබා ඇති විශ්වාසය පෙන්වා දෙයි.

මව්වරුන් තම දරුවන් කෙරෙහි දක්වන දැඩි සෙනෙහස සහ ඔවුන් අහිමි වේ යැයි ඔවුන් තුළ ඇති බිය.

ආත්ම පරිත්‍යාගය, දරුවන්ට කරුණාව දැක්වීම සහ ගැහැණු ළමයින් සමග වඩාත් කරුණාවන්ත හා මෘදු ලෙස කටයුතු කිරීම යනාදියෙහි මහිමය. සැබැවින්ම එය ස්වර්ගයට ඇතුළු වීමට සහ නිරයෙන් නිදහස් වීමට හේතුවක් වේ.

සුළු ප්‍රමාණයක් වැදගත් නොවන බැවින් එය පරිත්‍යාග කිරීම වළක්වනු ලබන්නක් නොවේ. නමුත් පරිත්‍යාග කරන තැනැත්තා තමාට ලබා ගත හැකි ඕනෑම දෙයක්, එය ස්වල්පයක් හෝ වැඩි ගණනක් හෝ වේවා, පරිත්‍යාග කළ යුතුය.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නිවැස්වල තිබූ තත්ත්වය, එතුමාණන්ගේ ජීවන සම්පත් හා එතුමාණන්ගේ පවුල කෙසේ දැයි විස්තරයක් මෙහි ඇත. ඔවුන්ගේ නිවසේ එක් රට ඉඳි ගෙඩියක් හෝ ගෙඩි තුනක් හැර අනුභව කරන්නට තරම් වෙනත් කිසිවක් නොවීය.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (4/ 2027) (2630).

තවත් බලන්න (6)

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص199).

شرح رياض الصالحين.

لابن عثيمين (3/ 111).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 278).