8 : 37
لِيَمِيزَ ٱللَّهُ ٱلۡخَبِيثَ مِنَ ٱلطَّيِّبِ وَيَجۡعَلَ ٱلۡخَبِيثَ بَعۡضَهُۥ عَلَىٰ بَعۡضٖ فَيَرۡكُمَهُۥ جَمِيعٗا فَيَجۡعَلَهُۥ فِي جَهَنَّمَۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ
(එය) කිලිටි අයගෙන් පිවිතුරු අය අල්ලාහ් වෙන් කොට, එම කිලිටි අයගෙන් ඇතැමුන් ඇතැමුන් මත තබා, ඔවුන් සියල්ල ගොඩ ගසා නිරයෙහි දැමීම පිණිස ය. අලාභවන්තයෝ ඔවුහු ම ය.