20 : 47
فَأۡتِيَاهُ فَقُولَآ إِنَّا رَسُولَا رَبِّكَ فَأَرۡسِلۡ مَعَنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَلَا تُعَذِّبۡهُمۡۖ قَدۡ جِئۡنَٰكَ بِـَٔايَةٖ مِّن رَّبِّكَۖ وَٱلسَّلَٰمُ عَلَىٰ مَنِ ٱتَّبَعَ ٱلۡهُدَىٰٓ
එහෙයින් නුඹලා දෙදෙනා ඔහු වෙත ගොස් මෙසේ පවසනු; ‘නියත වශයෙන් ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතවරු දෙදෙනෙකු වෙමු. එහෙයින් අප සමඟ ඉස්රාඊල් දරුවන් එවනු. තවද නුඹ ඔවුනට දඬුවම් නො කරනු. නුඹගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් සමඟ සැබැවින් ම අපි නුඹ වෙත පැමිණ ඇත්තෙමු. යහ මග අනුගමනය කළවුන් මත ශාන්තිය අත් වේවා!