Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 63 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“වේගවත් ගුවන් ගමනෙහි මා කැටුවාගෙන ගිය රාත්‍රියෙහි ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාව මම මුණ ගැසුණෙමි. එවිට එතුමා: අහෝ මුහම්මද්! ඔබේ සමූහයාට මා වෙතින් වූ සලාමය කියවා පෙන්වන්න. සැබැවින්ම ස්වර්ග උයන පිරිසිදු පසකි. ජලය ඉමිහිරිය. සැබැවින් එය විශාලය. සැබැවින්ම එහි පැළ කරනු ලබන්නේ ‘සුබ්හානල්ලාහ්’ (අල්ලාහ් අති පිවිතුරුය), ‘අල්හම්දු ලිල්ලාහ්’ (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය), ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත.), අල්ලාහු අක්බර් (අල්ලාහ් අති උත්කෘෂ්ටය.) යනාදියයි." යැයි පැවසුවේය.
එය අනු සාක්ෂි හරහා හසන් ගණයට අයත් හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
"මෙලොව යහපත පිණිස වත්කම් නොගන්න” යනුවෙනි.."
හසන් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට, أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ද ඔහුගේ ගෞරවණීය මුහුණින් ද, ඔහුගේ බලවත් අධිකාරියෙන් ද, මම ආරක්ෂාව පතමි.) යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. ඔහු: ‘මෙය පමණක් දැ?’යි විමසීය. එවිට මම ‘එසේය’ යැයි පැවසුවෙමි. එතුමා: ඔහු එය පැවසූ විට, ෂෙයිතාන්: 'අද දින ඉතිරිව ඇති කාලය තුළ ඔහු මගෙන් ආරක්ෂාව ලැබීය.' යැයි පවසයි.
හසන් ගණයට අයත් හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
“ඔබේ දරුවන්ට, ඔවුන් හත් වන වියේ පසුවන දරුවන් වන විට සලාතය ඉටු කරන මෙන් නියෝග කරන්න. ඔවුන් දසවන වියේ පසුවන දරුවන් වන විට ඒ සඳහා ඔවුනට දඬුවම් කරන්න. නිදියහන්වලින් ඔවුන් වෙන් කරන්න.”
හසන් ගණයට අයත් හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
"ජිහාද් නම් වෑයම අතරින් ශ්‍රේෂ්ඨතම අරගලය වනුයේ අසාධාරණ පාලකයකු ඉදිරියේ කෙරෙන යුක්ති සහගත ප්‍රකාශයයි.”
හසන් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
සැබැවින්ම ඔවුහු: 'අල්ලාහ්ගේ දූතයාණනි, අපි අනුභව කරන්නෙමු, නමුත් කුස පිරෙන්නේ නැත.' යැයි ඔවුහු පවසා සිටියහ. එතුමාණෝ: "ඔබ වෙන් වෙන්ව ආහාර ගන්නා විය හැක" යැයි පවසා සිටියහ. ඔවුහු: ''ඔව්." යැයි පිළිතුරු දුන්හ. ඉන්පසු එතුමාණෝ: "ඔබේ ආහාරය ගන්නා විට ඔබ එක්රැස් වී අල්ලාහ්ගේ නාමය සිහිපත් කර ආහාරය ගන්න. එය ඔබට සමෘද්ධිමත් කරනු ලබනු ඇත."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"තමාට අදාළ නොවන දේ අත්හැරීම " පුද්ගලයෙකුගේ ඉස්ලාම්හි පවතින යහපත් කරුණු අතුරින් එකකි.
නවවි තුමා මෙසේ පවසයි: හසන් වර්ගයට අයත් හදීසයකි. මෙය තිර්මිදි විසින් දන්වා ඇත.
"නියත වශයෙන්ම අල්ලාහ් වගකීම් අනිවාර්යය කර ඇත. ඒවා පැහැර නොහැරිය යුතු ය. ඔහු සීමාවන් පනවා ඇත. ඒවා ඔබ ඉක්මවා නොයා යුතුය. ඇතැම් කරුණු තහනම් කර ඇත. ඒවා උල්ලංඝනය නොකළ යුතුය. ඇතැම් කරුණු සම්බන්ධයෙන් නිහඬ වී ඇත. ඒවා අමතකවීමෙන් නොව ඔබට පිරිනමා ඇති ආශිර්වාදයක් ලෙසය. එබැවින් ඒ ගැන විමර්ශනය නොකරන්න."
නවවි තුමා මෙසේ පවසයි: හසන් වර්ගයට අයත් හදීසයකි. මෙය දාරුකුත්නි විසින් සිය සුනන් ග්‍රන්ථයෙහි සහ තවත් අය විසින් ද වාර්තා කර ඇත.