عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (166)
“කවරෙකු අපට එරෙහි ව අවි එසෙව්වේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සිසිලස දෙන අවස්ථාවන් දෙකෙහි සලාත් ඉටු කරන්නා ස්වර්ගයට පිවිසිය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මෙම අල් කුර්ආනයට හැඩ ගැසී පිළිපදින්න. මුහම්මද්ගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. (ලණුවක) ගැට ගසා ඇති ඔටුවා උගේ ගැටයෙන් පළා යන වේගයට වඩා අල් කුර්ආනය ඉවත්ව යෑම ඉතා වේගත්ය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත අෂ්අරී ගෝත්රයේ පිරිසක් සමග පැමිණ, ප්රවාහන පහසුකම් ඉල්ලා සිටියෙමි. එවිට එතුමාණෝ, "අල්ලාහ් මත දිවුරා, මා ඔබට ප්රවාහන පහසුකම් සලසා නොදෙමි. ඔබට ප්රවාහන පහසුකම් සලසා දෙන්නට මා ළඟ කිසිවක් නැත." යැයි පැවසූහ. අල්ලාහ් අභිමත කරන තෙක් අපි රැඳී සිටියෙමු. පසුව එතුමාණන් වෙත ඔටුවන් ගෙන එන ලදී. දැකුම් කළු ඔටුවන් තිදෙනෙකු එතුමාණෝ අපට නියම කළහ. පසුව අපි හැරී ගමන් ගත් කල්හි අප අතරින් ඇතැමෙක් ඇතැමෙකුට 'අල්ලාහ් අපට අභිවෘද්ධිය සළසා නොදෙත්වා. අපි අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ ප්රවාහන පහසුකම් ඉල්ලා සිටි විට, එතුමාණන් දිවුරා අප වෙත ප්රවාහන පහසුකම් නො දෙන බව පවසා, පසුව අපට ප්රවාහන පහසුකම් සළසා ඇත.' යැයි පවසා සිටියෝය. අබූ මූසා තුමා තවදුරටත් මෙසේ දන්වා සිටියේය: පසුව අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මේ ගැන එතුමාණන්ට සඳහන් කළෙමු. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "මම ඔබට ප්රවාහන පහසුකම් ලබා නොදුන්නෙමි. ඔබට ප්රවාහන පහසුකම් සළසා දුන්නේ අල්ලාහ් ය. අල්ලාහ් මත දිවුරා පවසමි. - අල්ලාහ් අභිමත කළේ නම් - සැබැවින්ම මම යමක් කිරීමට දිවුරා පසු ව ඊට වඩා එය නොවන වෙනත් යහපතක් දුටුවේ නම් එම යහපත ගෙනැවිත් මාගේ දිවුරුම වෙනුවෙන් මම සමාව අයැද සිටිමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අල් කුර්ආනය කියවන දේව විශ්වාසියෙකුට උදාහරණය පැඟිරි ගෙඩියක උදාහරණයයි. එහි සුවඳ ප්රසන්නය. එහි රසය ප්රසන්නය. අල් කුර්ආනය නොකියවන දේව විශ්වාසියෙකුට උදාහරණය ඉඳි ගෙඩියක උදාහරණයයි. එයට සුවදක් නැත. නමුත් එහි රසය පැණිරසය. අල් කුර්ආනය කියවන කුහකයකුට උදාහරණය රයිහාන් උදාහරණයයි. එහි සුවඳ ප්රසන්නය. එහි රසය තිත්තය. කුර්ආනය නොකියවන කුහකයකුගේ උදාහරණය තිත්තලබු උදාහරණයයි. එයට සුවදක් නැත. එමෙන්ම එහි රසය ද තිත්තය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.