Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 1 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

ප්‍රවර්ග

මම සෆ්වාන් ඉබ්නු අස්සාල් අල්-මුරාදී තුමා වෙත පැමිණියෙමි. මම ඔහුගෙන් පා උර දෙක මත පිරිමැදීම ගැන විමසා සිටියෙමි. එවිට ඒතුමා 'අහෝ දිර්, ඔබට කුමක් පහළ වී ද?' යැයි විමසීය. එවිට මම '(මෙය) දැනුම සඳහා ඇති ආශාව’ යැයි පැවසුවෙමි. එවිට එතුමා: 'නියතවශයෙන්ම, මලක්වරු දැනුම සොයන තැනැත්තාට පියාපත් පහත් කරනු ඇත. එය ඔහු සොයන දෑ ගැන තෘප්තියට පත්වන බැවිනි.' යැයි පැවසීය. එවිට මම 'ඇත්ත වශයෙන්ම මලපහ කිරීමෙන් හා මුත්‍රා කිරීමෙන් පසු පා උර මත පිස දැමීම සම්බන්ධයෙන් මගේ සිත තුළ යම් සැකයක් ඇත. ඔබ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහචරයින් අතරින් කෙනෙකු වූ බැවින්, මම ඔබ වෙත පැමිණියේ ඒ ගැන විමසන්නටය. ඒ ගැන එතුමාණන් යමක් සඳහන් කරනවා ඔබ අසා තිබේද?’ යැයි ඇසුවෙමි. එතුමා: 'එසේය අපි ගමනක නිරතව සිටිය දී -අපි මගීන් ලෙස සිටිය දී- දින තුනක් හා රාත්‍රී තුනක් ජනාබත් හෙවත් ස්නානය අනිවාර්යය කරන කටයුත්තක දී හැර අපගේ පා උරවල් ගලවා නො දමන මෙන් අපට අණ කළහ. මළ පහ කිරීම, මූත්‍රා කිරීම හා නිදා ගැනීම යනාදියෙහි එය පිළිපැදිය යුතු වේ. යැයි කීහ. 'ආදරය ගැන යමක් එතුමාණන් පවසනවා ඔබ අසා තිබේ ද?' යැයි විමසුවෙමි. එතුමා: 'එසේය අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමු. එතුමාණන් සමග අපි එසේ සිටියදී, ගැමි අරාබිවරයකු මහා හඬින් එතුමාණන්ව අමතා ඔ් මුහම්මද්! යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඒ හා සමාන හඬකින් ඔහු අමතා 'අහෝ එන්න' යැයි පිළිතුරු දුන්හ. එවිට අපි ඔහුට: ‘ඔබ සිටිනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරිපිටය. එබැවින් ඔබේ හඬ පහත් කරන්න, මෙය ඔබට තහනම් කර ඇත්තකි.' යැයි පැවසුවෙමු. ඔහු: ‘අල්ලාහ් මත දිවුරමින්, මම (මගේ) හඬ පහත් නොකරමි’ යැයි පැවසීය. එම ගැමි අරාබිවරයා තවදුරටත්: ‘මිනිසෙකු ජනතාවකට ආදරය කරයි, නමුත් ඔහු ඔවුන් සමඟ එකතූ වන්නේ නැත.?’ යැයි විමසීය. එතුමාණෝ: "මිනිසෙකු විනිශ්චය දිනයේදී තමා ආදරය කරන අය සමඟ සිටී" යැයි පැවසූහ. ඔහු: 'අස්වයෙකු මතවී, එහි පළල හරහා අවුරුදු හතළිහක් හෝ හැත්තෑවක් ගමන් කළ හැකි පළලකින් යුත් බටහිර දෙසින් පිහිටා ඇති දොරටුවක් ගැන අපට සඳහන් කරමින්ම සිටියේය.'
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.