Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 5 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“ජනයා අතර කරුණු දෙකක් පවතී. ඒ දෙක ඔවුනට දේවත්වය ප්‍රතික්ෂේප කිරීම ඇති කරනු ඇත. එනම්: පෙළපත සම්බන්ධයෙන් දොස් නැගීම හා මිය ගිය ඇත්තන් මත මොර දී විලාප දීමය.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මිනිසෙකු හා දේවත්වයට ආදේශ කිරීම හා දේවත්වය ප්‍රතික්ෂේප කිරීම අතර වෙනස සලාතය අත්හැර දැමීමය." ‍
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“මිනිසෙක් මිනිසෙකුට දුෂ්ඨකම ගැන චෝදනා නොකළ යුතුයි. දේව ප්‍රතික්ෂේප (කුෆ්ර්) ගැන චෝදනා නොකළ යුතුයි. (එසේ චෝදනාවට ලක්වූ) අදාළ පුද්ගලයා එලෙස නොවී නම්, එය ඔහු වෙතම හැරී එනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හුදෙයිබිය්යා හි රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාවෙන් පසු සුබ්හු සලාතය මෙහෙය වූහ. එතුමාණෝ එය අවසන් කරගත් පසු ජනතාව දෙසට හැරී: “ඔබේ පරමාධිපතියාණන් පැවසූ දේ ඔබ දන්නවා ද?” යැයි විමසූහ. ඔවුහු: 'මැනවින් දන්නෝ අල්ලාහ් සහ ඔහුගේ දූතයා ය" යැයි ඔවුහු පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: “මාගේ ගැත්තන් අතරින් මා විශ්වාස කරන අය සහ මා ප්‍රතික්ෂේප කරන අය උදය වරුව ලැබුවෝය." එහෙයින් කවරෙකු "මුතිර්නා බිෆළ්ලිල්ලාහි වරහ්මතිහි" (අල්ලාහ්ගේ භාග්‍යයෙන් හා ඔහුගේ ආශිර්වාදයෙන් අපට වැසි ලැබුණි) යැයි පවසන්නේද ඔහු ය මා විශ්වාස කර, ග්‍රහ තාරකා ප්‍රතික්ෂේප කළ තැනැත්තා. කවරෙකු 'මේ මේ තාරකා වර්ගය හේතුවෙන් අපට වැසි ලැබුණි' යැයි පවසා සිටියේ ද, ඔහු ය මා ප්‍රතික්ෂේප කොට ග්‍රහ තාරකා පිළිබඳ මිථ්‍යාව විශ්වාස කළ තැනැත්තා."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඉබ්නු ජුද්ආන් (නම් කෙකේ) "ජාහිලිය්යා" නම් අඥාන කාලයේ ඥාති සම්බන්ධකම් රකිමින්, දුප්පතුන්ට ආහාර සපයමින් සිටියේය. එය ඔහුට ප්‍රයෝජනවත් වන්නේ ද?" යැයි මම විමසුවෙමි. එතුමාණෝ: "ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. සැබැවින්ම ඔහු කිසි දිනක 'මාගේ පරමාධිපතියාණනි, විනිශ්චය දිනයේ දී මාගේ වැරදි වලට මට සමාව දෙනු මැනව' යැයි පවසා සිටියේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.