عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (18)
"මිනිසෙකු හා දේවත්වයට ආදේශ කිරීම හා දේවත්වය ප්රතික්ෂේප කිරීම අතර වෙනස සලාතය අත්හැර දැමීමය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ විමසා සිටියේය. මම නියම කරන ලද සලාත් ඉටු කර, රමළාන් මාසයේ උපවාසයේ නිරත වී, අනුමත දෑ මම අනුමත කරමින් ද තහනම් දෑ තහනම් කමින් ද කටයුතු කර ඊට වඩා කිසිවක් මා අමතරව ඉටු නොකළේ නම්, මට ස්වර්ගයට පිවිසිය හැකි වන්නේ ද? එතුමාණෝ "එසේය." යැයි පැවසූහ:
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“මිනිසෙක් මිනිසෙකුට දුෂ්ඨකම ගැන චෝදනා නොකළ යුතුයි. දේව ප්රතික්ෂේප (කුෆ්ර්) ගැන චෝදනා නොකළ යුතුයි. (එසේ චෝදනාවට ලක්වූ) අදාළ පුද්ගලයා එලෙස නොවී නම්, එය ඔහු වෙතම හැරී එනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"කරුණු හතරක් ඇත. කවර කෙනෙකු තුළ ඒවා පිහිටා ඇත්තේ ද ඔහු සැබෑ කුහකයකු විය. කවරෙකු තුළ ඉන් කොටසක් ඇත්තේ ද, එය අත්හැර දමන තෙක් කුහකත්වයේ කොටසක් ඔහු තුළ පවතිනු ඇත. ඔහු කතා කළ විට බොරු කතා කරයි. ඔහු ගිවිසගත් විට එය උල්ලංඝනය කරයි. ඔහු පොරොන්දු දුන් විට එය කඩ කරයි. ඔහු තර්ක කළ විට අයහපත් ලෙස හැසිරේ.“
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අපට මෙසේ පවසා සිටියහ. එතුමාණෝ අවංක හා සත්යවාදියෙකු වූහ. "සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහුගේ මැවීම ඔහුගේ මවගේ කුස තුළ දින හතළිහක් ශුක්රාණු බිඳුවක් සේ එක්කාසු කරනු ලැබේ. පසුව එය (කූඩැල්ලෙකු සේ) ඒ හා සමාන කාලයක් එල්ලෙමින් පවතින කැටියක් බවට පත් වේ. පසුව එය ඒ හා සමාන කාලයක් මස් ගොබයක් බවට පත් වේ. පසුව ඔහු වෙත අල්ලාහ් දේවදූතයකු එවා ඔහුගේ ක්රියාව, ඔහුගේ ආයු කාලය, ඔහුගේ පෝෂණය හා ඔහු භාග්යවන්තයකු ද එසේ නැතිනම් අභාග්යවන්තයකු ද යනාදී නියමයන් හතරක් නියම කරනු ලබයි. පසුව එහි ප්රාණය පිඹිනු ලබයි. ඒ අනුව මිනිසා නිරා වාසීන්ගේ ක්රියාවන් සිදු කරයි. එය ඔහු අතර හා ඒ අතර බාහුවක පරතරයක් පිහිටන තරම් වෙයි. නමුත් පෙර නියමය ඔහු අභිබවා යයි. ඔහු ස්වර්ගවාසීන්ගේ ක්රියාවන් සිදු කොට ස්වර්ග උයනට පිවිසෙනු ඇත. එමෙන්ම පුද්ගලයෙක් ස්වර්ග වාසීන්ගේ ක්රියාවන් සිදු කරයි. එය ඔහු අතර හා ස්වර්ගය අතර බාහුවක පරතරයක් පිහිටන තරම් වෙයි. නමුත් පෙර නියමය ඔහු අභිබවා යයි. එහෙයින් ඔහු නිරා වාසීන්ගේ ක්රියාවන් සිදු කොට නිරා ගින්නට පිවිසෙනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“නජ්ද් වැසියන් අතරින් හිසකෙස් අවුල් වුණු මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණියේය. ඔහුගේ රළු හඬට අපි සවන් දුනිමු. අල්ලාහ්ගේ දූතයාණන් වෙතට ඔහු ළඟා වන තුරුම ඔහු පවසන දේ අපට වැටහුණේ නැත. පසුව ඔහු ඉස්ලාමය ගැන විමසා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: “දහවලේ හා රාත්රියේ පස්වේල සලාතය ඉටු කිරීම” යැයි පැවසූහ. ඔහු: 'ඒවා හැර වෙනත් දෑ මා වෙත පැවරෙන්නේ ද?' යැයි විමසීය. එතුමා: “නැත, නමුත් ඔබ අතිරේකව කරන දෑ හැර.” යැයි පැවසූහ. පසුව එතුමා නැවතත්: “රමළාන් මාසයේ උපවාසය රැකීම” යැයි පැවසූහ. ඔහු: 'ඒ හැර වෙනත් දෙයක් මා වෙත පැවරෙන්නේ ද?' යැයි විමසීය. එතුමා: “නැත නමුත් ඔබ අතිරේකව ඉටු කරන්නේ නම් මිස.” පසුව අල්ලාහ්ගේ දූතයාණෝ ඔහුට සකාතය පිළිබඳ මෙනෙහි කළහ. එවිට ද ඔහු 'ඒ හැර වෙනත් දෙයක් මා වෙත පැවරෙන්නේද?' යැයි විමසීය. එතුමා: “නැත, ඔබ අතිරේකව ඉටු කරන්නේ නම් මිස" යැයි පැවසූහ. පසුව එම මිනිසා ‘අල්ලාහ් මත දිවුරා පවසමි. මීට වඩා වැඩි යමක් මම නොකරමි. එමෙන්ම ඉන් කිසිවක් අඩු නොකරමි’ යැයි පවසමින් හැරී ගියේය. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “ඔහු සත්යය පවසා ඇත්නම් ඔහු ජය ලැබීය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
දේවත්වය ආදේශ කරන ජනයා අතරින් පිරිසක් මිනිස් ඝාතන බොහෝ සේ සිදු කරමින් දුරාචාරයේ බොහෝ සේ නිරත වෙමින් සිටියෝය. එබැවින් ඔවුහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "ඔබ පවසන, ඔබ ඇරයුම් කරන දෑ චමත්කාරය. අපි සිදු කළ දෑ සඳහා ප්රතිකර්මය කුමක් දැයි ඔබ අපට දන්වා සිටින්නෙහි නම් මැනව" යැයි විමසා සිටියෝය. එවිට මෙම පාඨය පහළ විය. "තවද ඔවුහු වනාහි අල්ලාහ් සමග තවත් දෙවියකුට අයද නොසිටිති. තවද අල්ලාහ් තහනම් කළ ආත්මය නියමයකින් තොර ව මිස ඔවුහු ඝාතනය නොකරති. තවද කාම අපචාරයේ නිරත නොවෙති..." (අල්-ෆුර්කාන්: 68), "අහෝ තමන් විසින් තමන්ව නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නොවනු..." (අස්-සුමර්: 53)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හුදෙයිබිය්යා හි රාත්රියේ ඇද හැලුණු වර්ෂාවෙන් පසු සුබ්හු සලාතය මෙහෙය වූහ. එතුමාණෝ එය අවසන් කරගත් පසු ජනතාව දෙසට හැරී: “ඔබේ පරමාධිපතියාණන් පැවසූ දේ ඔබ දන්නවා ද?” යැයි විමසූහ. ඔවුහු: 'මැනවින් දන්නෝ අල්ලාහ් සහ ඔහුගේ දූතයා ය" යැයි ඔවුහු පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: “මාගේ ගැත්තන් අතරින් මා විශ්වාස කරන අය සහ මා ප්රතික්ෂේප කරන අය උදය වරුව ලැබුවෝය." එහෙයින් කවරෙකු "මුතිර්නා බිෆළ්ලිල්ලාහි වරහ්මතිහි" (අල්ලාහ්ගේ භාග්යයෙන් හා ඔහුගේ ආශිර්වාදයෙන් අපට වැසි ලැබුණි) යැයි පවසන්නේද ඔහු ය මා විශ්වාස කර, ග්රහ තාරකා ප්රතික්ෂේප කළ තැනැත්තා. කවරෙකු 'මේ මේ තාරකා වර්ගය හේතුවෙන් අපට වැසි ලැබුණි' යැයි පවසා සිටියේ ද, ඔහු ය මා ප්රතික්ෂේප කොට ග්රහ තාරකා පිළිබඳ මිථ්යාව විශ්වාස කළ තැනැත්තා."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.