عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
ඔබ අතරින් මා වෙත පැමිණෙනුයේ කවුරුන් දැයි එම ජල තටාකය මතට වී මම බලාපොරොත්තුවෙන් සිටින්නෙමි. මා සමීපයෙන්ම මිනිසුන් පිරිසක් ග්රහණය කරනු ලැබේ. එවිට මම "අහෝ පරමාධිපතියාණනි (ඔවුන්) මගෙන් මෙන්ම මාගේ සමූහයා අතරිනි" යැයි පවසමි. එවිට "ඔබෙන් පසු ඔවුන් සිදු කළ දෑ ඔබ දන්නෙහි ද? අල්ලාහ් මත දිවුරා පවසමි ඔවුන් ඔවුන්ගේ විළුඹ පසුපසින් නැවත හැරී යමින් ම සිටියෝය" යැයි පවසනු ලැබේ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අහෝ බිලාල්! බලාපොරොත්තු සහගතව ඔබ ඉස්ලාමයේ කවර ක්රියාවක් කර තිබේ ද? සැබැවින්ම ස්වර් ගයේ මා ඉදිරියෙන් ඔබ තබන ඔබේ පාවහන් දෙකෙහි හඬ මට ඇසුණි" යැයි පැවසුහ. බිලාල් (රළියල්ලාහු අන්හු) තුමා: 'බලාපොරොත්තු සහගතව සිදු කළ විශේෂ ක්රියාවක් මා සතුව නොවීය. නමුත් සැබැවින්ම මම රාත්රියේ හෝ දහවලේ හෝරාවක පිරිසිදු කරගත්තේ නම්, එම පිරිසිදුභාවයෙන්ම මට ඉටු කිරීමට නියම කළ සලාතය ඉටු කළෙමි' යැයි පැවසීය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තීන්දු දෙනු ලබන පළමු කරුණ වනුයේ ලේ වැගිරීම සම්බන්ධයෙනි .”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට (ඔහුගේ) යහපත සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදු නොකරයි. එය මෙලොවෙහි ඔහුට පිරිනමනු ලබන අතර මතුලොවෙහි ද ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ. දේවත්වය ප්රතික්ෂේප කරන කාෆිර් වනාහි, ඔහු මෙලොවෙහි සිදු කළ යහපත් දෑ වෙනුවෙන් පෝෂණය කරනු ලැබේ. නමුත් මතුලොවෙදී ඒ සඳහා ප්රතිඵල පිරිනමන්නට තරම් යහපතක් එහි ඔහුට නොවනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අදාන් පවසා සලාතයට ඇරයුම් කරන උදවිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් අතර වඩාත් දිගු බෙලිවලින් යුක්ත අය වෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ස්වර්ගයට පිවිසෙන පළමු කණ්ඩායම පුර පසළොස්වක රාත්රියේ සඳෙහි ස්වරූපය මෙන් පවතී, ඔවුනට පසුව පැමිණෙන අය අහසේ බැබලෙන වඩාත් දීප්තිමත්ම තාරකාව මෙන් දිලිසෙනු ඇත. ඔවුන් මුත්රා කරන්නේ නැත; මළපහ කරන්නේ නැත; කෙළ ගසන්නේ නැත; හෝ නාසයේ ස්රාවය ඉවත හෙළන්නේ නැත. ඔවුන්ගේ පනා රන්වන් ය. ඔවුන්ගේ දහඩිය කස්තුරි ය. සුවඳ දුම් දග්වන උදුනෙන් වඩාත් සුවඳැති සුවඳ දුම් පතුරුවා හරිනු ලැබේ. ඔවුන්ගේ භාර්යාවන් හූරුන් ඊන් (දැකුම් කළු ලලනාවන්) වෙති. එකම මිනිසකුගේ ස්වරූපයෙන් ඔවුන් සිටිනු ඇත. අහසට විහිදෙන රියන් හැටක් උසින් යුත් ඔවුන්ගේ පියා ආදම්ට සමාන වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම ජනයා අතර ප්රධානියා වෙමි. ඒ ගැන නුඹලා දන්නෙහු ද?" යැයි විමසා සිටියහ. ආරම්භකයින් මෙන්ම අවසානයින් එකම තැනක අල්ලාහ් එක් රැස් කරනු ඇත. ඇරයුම ඔවුනට සවන් වැකෙන්නටත් බැල්ම ඔවුන් දකින්නටත් සළස්වනු ඇත. හිරු ඔවුනට සමීප වෙයි. එවිට ජනයාට දරාගත නොහැකි ඉසිලිය නොහැකි වේදනා හා ව්යසන ඔවුනට ළඟා වනු ඇත. එවිට ජනයා: “නුඹලාට ළඟා වී ඇති දෑ ගැන සිතා නො බැලුවෙ හි ද? නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා වෙනුවෙන් මැදිහත් වන්නන් කවුරුන්දැයි නුඹලා සොයා නොබැලුවෙහි ද? එවිට ඇතැම් ජනයා ඇතැමුන්ට: “නුඹලාට ආදම් සිටියි” යැයි පවසයි. එවිට ඔවුහු ඔහු වෙත ගොස්: “අහෝ ආදම් ඔබ මිනිස් පියාණන්ය. අල්ලාහ් තම අතින්ම ඔබ ව මවා ඇත. ඔහුගේ ජීවයෙන් ඔබ තුළට පිඹ ඇත. මලක්වරුන්ට (සුජූද් කරන්නට) නියම කළ විට ඔවුහු නුඹට සුජූද් කළෝය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත ඔබ මැදිහත් වන්න. අපි සිටින්නේ කොහේදැයි ඔබ නොදුටුවෙහි ද? අපට අත් ව ඇති දෑ ඔබ නොදැක්කෙහි ද? යැයි විමසති. එවිට ආදම් සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇත. “සැබැවින්ම ගස මට තහනම් කර තිබිණ. නමුත් මම ඔහුට පිටුපෑවෙමි. "අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය!" යැයි පවසා නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා නූහ් වෙත යන්න” යැයි ඔහු පවසයි. පසුව ඔවුහු නූහ් වෙත පැමිණ: “අහෝ නූහ්! පොළෝ වාසීන් වෙත එවන ලද පළමු ධර්ම දූතයා සැබැවින්ම ඔබ ය. අල්ලාහ් ඔබට ‘කෘතවේදී ගැත්තා’ යැයි නම් තැබීය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අපි සිටින්නේ කවර තත්ත්වයක දැයි ඔබ නොදුටුවෙහි ද? අපට අත් ව ඇති දෑ ඔබ නොදැක්කෙහි ද?" යැයි පවසති. එවිට ඔහු "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇත. සැබැවින්ම මට සතුව ප්රාර්ථනාවක් විය. මම එමගින් මාගේ ජනයාට එරෙහිව ප්රාර්ථනා කළෙමි. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය!" යැයි පවසා, "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඉබ්රාහීම් වෙත යන්න." යයි කීහ.පසුව ඔවුහු ඉබ්රාහීම් වෙත පැමිණ ඔහුට මෙසේ පවසති. "අහෝ ඉබ්රාහීම්, ඔබ අල්ලාහ්ගේ නබිවරයෙකි. පොළෝවාසීන් අතරින් ඔබ ඔහුගේ මිතුරෙකි. එබැවින් අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වී කතා කරනු. අප කවර කරුණක සිටින්නේ දැයි ඔබ නොදුටුවෙ හි ද?" එවිට ඔහු ඔවුනට මෙසේ පවසයි. "මීට පෙර කිසිකලෙක කෝප නොවූ අයුරින් මින් පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් සැබැවින්ම මාගේ පරමාධිපති අද දින කෝපවී ඇත. එමෙන්ම සැබැවින්ම මම බොරු තුනක් පවසා ඇත්තෙමි. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය!" යැයි පවසයි. "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මූසා වෙත යන්න" යැයි ඔහු පවසයි. පසුව ඔවුහු මූසා වෙත ගොස්: "අහෝ මූසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. අල්ලාහ් ඔහුගේ දූත මෙහෙය හා ඔබ ඔහු සමග කතා කිරීම තුළින් ඔහු ඔබව ජනයා අතර භාග්යවන්තයකු බවට පත් කර ඇත. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහි ද?" යැයි පවසති. එවිට ඔහු, "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මින්පසු පවා එලෙස කෝප නොවන පරිදි අද දින ඔහු දැඩි සේ කෝප වී ඇත. සැබැවින්ම මම ඝාතනය කිරීමට නියෝග කරනු නොලැබූ ආත්මයක් මරා දමා ඇත්තෙමි. අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! ඔබ වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඊසා වෙත යන්න" යැයි පවසයි. පසුව ඔවුහු ඊසා වෙත ගොස්, "අහෝ ඊසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. මර්යම් වෙත හෙළු ඔහුගේ වදනකි. ඔහුගෙන් වූ ආත්මයකි. ඔබ තොටිල්ලේ සිටියදී ජනයා සමග කතා කර ඇත්තෙහිය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වනු. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහිද?” යැයි පවසති. එවිට ඊසා: “සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මීට පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින ඔහු දැඩි සේ කෝප වී සිටියි. නමුත් හෙතෙම පාපයක් සඳහන් කළේ නැත. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මගේ ආත්මය! නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත යන්න” යැයි පවසයි. පසුව ඔවුන් මුහම්මද් වෙත පැමිණ මෙසේ පවසති. "අහෝ මුහම්මද්! ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගේ මුද්රාවය. ඔබේ පෙර පව් හා පසු පව්වලට අල්ලාහ් ඔබට සමාව දී ඇත්තේය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අප කවර තත්ත්වයක සිටින්නේ දැයි ඔබ නොදකින්නෙහි ද?" පසුව මම ගමන් කරමින් අර්ෂ් හෙවත් දේව රාජ්යයේ පහළට පැමිණ, මාගේ පරමාධිපතිට සුජූද් කර වැද වැටෙමි. පසුව මට පෙර වෙනත් කිසිවකුට විවෘත නොකළ ඔහුගේ ප්රශංසාවන් හා අලංකාර පැසසුම් මා වෙත අල්ලාහ් විවෘත කරයි. පසුව මෙසේ ප්රකාශ කරනු ලැබේ. “අහෝ මුහම්මද්! ඔබේ හිස ඔසවන්න. ඉල්ලන්න. ඔබට එය පිරිනමනු ලැබේ. මැදිහත් වන්න. ඔබට මැදිහත් වීමට ඉඩ දෙනු ලැබේ." යැයි පවසනු ලැබේ. පසුව මාගේ හිස මම ඔසවා ගනිමින්, අහෝ මාගේ පරමාධපතියාණනි! මාගේ ප්රජාව, අහෝ මාගේ පරමාධිපතියාණෙනි! මාගේ ප්රජාව! අහෝ මගේ පරමාධිපතියාණනි මාගේ ප්රජාව! යනුවෙන් පවසමි. එවිට "අහෝ මුහම්මද් කිසිදු විනිශ්චයක් නොමැති ඔබේ ප්රජාව සමග ස්වර්ගයේ දොරටුවලින් දකුණු දොරටුවෙන් ඇතුලු වන්න. ඔවුහු සෙසු දොරටුවල ඉතිරිව සිටි පිරිසකි. පසුව එතුමා, "මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ස්වර්ගයේ දොරටු අතරින් දොරටු දෙකක් අතර ඇති දුර ප්රමාණය මක්කා හා හිම්යර් අතර පවතින දුර හෝ මක්කාව හා බුස්රා අතර පවතින දුර හා සමානය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ස්වර්ගවාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? දුර්වල හා දුර්වල කරන ලැබූ සෑම කෙනෙකුමය. එවැන්නෙකු අල්ලාහ් මත දිවුරා සිටියේ නම් ඔහු ඔහුට උපකාර කරනු ඇත. නිරා වාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? අහංකාර උද්දච්ඡ උඩඟුකම් පාන සෑම කෙනෙකුමය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.