Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 5 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මෙම අල්-කුර්ආන් පාඨය පාරායනය කළහ: "ඔහු වනාහි, නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි, ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තවද අපි එය විශ්වාස කළෙමු. ‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි' යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත." (ආලු ඉම්රාන් 7 වන වාක්‍ය). එතුමිය තවදුරටත්, "එහි විවිධ අර්ථයන්ගෙන් යුත් දෑ අනුගමනය කරන්නන් ඔබ දුටු විටෙක, අල්ලාහ් නම් කර ඇත්තෝ ඔවුහුමය. නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න" යැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවසා සිටි බව ප්‍රකාශ කර සිටියාය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"නොපෙනෙන ගුප්ත දේවල යතුර පහකි.: අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ නියත වශයෙන්ම අල්ලාහ් අබියස ය. ඔහු වර් ෂාව පහළ කරයි. තවද ගර් භා ෂයේ ඇති දේ දනී. කිසිදු ආත්මයක් හෙට උපයන දේ නොදනී. කිසිදු ආත්මයක් එය කුමන භූමියක මිය යනු ඇත්දැයි නොදනී. නියත වශයෙන්ම අල්ලාහ් සර් ව ඥානීය සියලු තොරතුරු දන්නා අභිඥානවන්තය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
දේවත්වය ආදේශ කරන ජනයා අතරින් පිරිසක් මිනිස් ඝාතන බොහෝ සේ සිදු කරමින් දුරාචාරයේ බොහෝ සේ නිරත වෙමින් සිටියෝය. එබැවින් ඔවුහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "ඔබ පවසන, ඔබ ඇරයුම් කරන දෑ චමත්කාරය. අපි සිදු කළ දෑ සඳහා ප්‍රතිකර්මය කුමක් දැයි ඔබ අපට දන්වා සිටින්නෙහි නම් මැනව" යැයි විමසා සිටියෝය. එවිට මෙම පාඨය පහළ විය. "තවද ඔවුහු වනාහි අල්ලාහ් සමග තවත් දෙවියකුට අයද නොසිටිති. තවද අල්ලාහ් තහනම් කළ ආත්මය නියමයකින් තොර ව මිස ඔවුහු ඝාතනය නොකරති. තවද කාම අපචාරයේ නිරත නොවෙති..." (අල්-ෆුර්කාන්: 68), "අහෝ තමන් විසින් තමන්ව නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නොවනු..." (අස්-සුමර්: 53)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"හිරු බටහිරින් උදාවන තෙක් අවසන් හෝරාව උදා වන්නේ නැත. එසේ උදා වූ විට සියලු දෙනාම (දේවත්වය) විශ්වාස කරන මිනිසුන් දකිනු ඇත. එම මොහොත, "කිසිදු ආත්මයකට එහි විශ්වාසය ප්‍රයෝජනවත් නොවේ. මීට පෙර එය විශ්වාස කර සිටියේ නැත. එමෙන්ම එම විශ්වාසය තුළ කිසිදු යහපතක් උපයා ගත්තේ ද නැත." (අල්-අන්ආම්: 158) පුද්ගලයන් දෙදෙනෙකු ඇඳුමක් දිගු හැරිය ද එය ගනු දෙනු කිරීමට හෝ ඔවුන් එය නැවීමට හෝ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව (අනපේක්ෂිත ව) ක්‍රියාත්මක වනු ඇත. මිනිසෙක් තම ඔටුවාගෙන් කිරි දොවා රැගෙන ගිය ද එය පරිභෝජනය කළ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව (අනපේක්ෂිතව) ක්‍රියාත්මක වනු ඇත. තම තටාකයට වතුර පිරෙව්ව ද එහි ජලය සැපයීමට නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව සිදුවනු ඇත. ඔබ අතරින් කිසිවකු හෝ තම ආහාර මිටක් ඔසවා ඒවා අනුභව කළ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව උදා වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මරණය කළු සුදු මිශ්‍රැති බැටළුවෙකුගේ හැඩයෙන් ගෙනැවිත් තබනු ලැබේ. එවිට ඇරයුම් කරුවකු "අහෝ ස්වර්ග වැසියනි!" යැයි ඇරයුම් කරයි. එවිට ඔවුහු බෙලි දිගු කරමින් බලති. ඔහු: "නුඹලා මෙය හඳුනනවා ද?" යැයි විමසයි. ඔවුහු: "එසේය, මෙය මරණය වේ" යැයි පවසති. ඔවුන් සෑම කෙනෙකුම එය දැක තිබුණි. පසුව නැවතත් "අහෝ නිරා වැසියනි!" යැයි ඇරයුම් කරයි. එවිට ඔවුහු ද බෙලි දිගු කරමින් බලති. එවිට ඔහු: "නුඹලා මෙය හඳුනනවා ද?" යැයි විමසයි. එවිට ඔවුහු: "මෙය මරණය වේ" යැයි පවසති. ඔවුන් සෑම කෙනකුම එය දැක තිබුණි. පසුව එය කපා හරිනු ලැබ අනතුරුව "අහෝ ස්වර්ග වැසියනි! සදාතනිකභාවයයි. එහෙයින් මරණයක් නැත, අහෝ අපා වැසියනි! සදාතනිකභාවයයි. මරණයක් නැත යැයි පවසයි. පසුව හෙතෙම "ඔවුහු විශ්වාස නොකරමින් හා ඔවුන් නොසැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු" යන (සූරා මර්යම්: 39) පාඨය පාරායනය කළේය. එසේ නොසැලකිල්ලෙන් සිටි අය මෙලොව වාසීහු වෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.