Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 22 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අනිවාර්යය කරවන කරුණු දෙක මොනවාදැ?"යි විමසා සිටියේය. එවිට එතුමාණෝ: "කවරෙකු අල්ලාහ්ට ආදේශ නොකර මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසෙයි. කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ කර මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිිසෙයි" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම අන්තවාදියෝ විනාශ වූවෝය." මෙය තුන්වරක්ම පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අබියස අපි හත් අට දෙනෙක් හෝ නව දෙනෙක් පමණ සිටියෙමු. එවිට එතුමා 'ඔබලා අල්ලාහ්ගේ දූතයාණන්ට ප්‍රතිඥා දිය යුතු නොවේ ද?' යැයි පැවසූහ. එවිට අපි බය්ආ හි ප්‍රතිඥා දුන්නේ ටික වේලවකට පෙරය. එහෙයින් අපි : “අල්ලාහ්ගේ දූතයාණනි! අපි ඔබට ප්‍රතිඥා දී ඇත්තෙමුයි" පැවසුවෙමු. පසුව ද එතුමාණෝ: "ඔබලා අල්ලාහ්ගේ දූතයාණන්ට ප්‍රතිඥා දිය යුතු නොවේ ද?" යැයි විමසූහ. පසුව අපගේ අත් දිගුකොට "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ඔබට ප්‍රතිඥා දීමට -කැමෙත්තෙන්- සිටිමු. එසේ නම්, අපි කවර කරුණක් සඳහා ඔබට ප්‍රතිඥා දිය යුතුද?" යනුවෙන් විමසුවෙමු. එතුමාණෝ: “අල්ලාහ්ට නැමදුම් කරන මෙන් ද ඔහුට කිසිවක් ආදේශ නොකරන මෙන් ද පස්වේල සලාත් ඉටු කරන බවට ද අල්ලාහ්ට අවනත වන මෙන් ද.“ යැයි කීහ. තවදුරටත් එතුමා සිහින් වචනයෙන් “මිනිසුන්ගෙන් කිසිවක් නොඉල්ලන බවට ද ප්‍රතිඥා දෙන්න."යැයි කීහ. මෙම පිරිසෙන් ඇතැමුන් වෙත මගේ අවධානය යොමු කර ඇත්තෙමි. ඔවුන්ගෙන් කිසිවකුගේ සැරයටිය බිම වැටුණ ද එය තමන්ට ලැබෙන්නට සලස්වන මෙන් කිසිවකුගෙන් ඉල්ලීමක් නොකළෝය.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“සුනඛයෙක් හෝ රූපයක් හෝ ඇති නිවෙසකට මලක්වරුන් පිවිසෙන්නේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"යුදෙව්වන්ට හා කිතුනුවන්ට අල්ලාහ් ශාප කළේය. ඔවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ සොහොන් ගැබ් මස්ජිද් බවට සකසා ගත්තෝය. ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: "එසේ නොවීනම්, එතුමාණන්ගේ මිනීවල හෙළි කරනු ලබන්නට තිබුණි. නමුත් එතුමා එය නැමදුම් ස්ථානයක් ලෙස ගනු ලැබීම ගැන බිය වූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "මම හවුල්භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් ස්වයංපෝෂිත වෙමි. කවරෙකු මා සමග, මා හැර වෙනත් අයකු හවුල් කරමින් යම් ක්‍රියාවක් කළේ ද මම ඔහු හා ඔහුගේ හවුල්භාවය අත්හැර දමමි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අවම දඬුවමක් ලබන අපාවාසීන් හට මෙසේ පවසා සිටියි: “සැබැවින්ම ඔබට මහපොළොවේ ඇති යමක් සතුව තිබුණේ නම්, එය වන්දි වශයෙන් පිරිනමන්නෙහි ද?” යැයි විමසයි. ඔහු එයට ‘එසේය’ යැයි පිළිතුරු දෙයි. ඔහු: ‘ඔබ ආදම්ගේ කොඳු නාරටියෙහි සිටියදී මීට වඩා පහසු දෙයක් මම ඔබෙන් ඉල්ලුවෙමි. එනම් ඔබ මට ආදේශ නො කිරීමය. නමුත් ඔබ මට ආදේශ කිරීම හැර අනෙකුත් දෑහි පිටුපෑවෙහිය.” යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එක් ප්‍රකාශයක් පැවසූහ. තවත් කරුණක් මම ද පැවසුවෙමි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ‌මෙසේ පැවසූහ. “කවරෙකු අල්ලාහ් හැර දමා යම් ආදේශයකට ඇරයුම් කරමින් සිටිය දී මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිසීය.” එවිට මම මෙසේ පැවසුවෙමි: "කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ නොතබන තත්ත්වයේ මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසීය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.