Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 5 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"අහෝ දෙවියනි, මාගේ මිනීවළ ස්මාරකයක් බවට පත් නොකරන්න. තම නබිවරුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කරගත් පිරිසට අල්ලාහ් ශාප කළේය."
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
"ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථාන මුස්ලිම් දේවස්ථාන වන අතර ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම පිළිකුල් සහගත ස්ථාන වෙළඳපොළවල් වේ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ ගැත්තනියන් අල්ලාහ්ගේ මස්ජිදවලට යාමෙන් වැළැක්වීමට උත්සාහ නොකරන්න. සුවඳ විලවුන් ආලේප කිරීමෙන් තොරව (මස්ජිදයට) යා හැකිය."
හසන් ගණයට අයත් හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසුණු විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට සලාම් පැවසිය යුතුය. ඔහු "අල්ලාහුම්මඅෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" (අහෝ අල්ලාහ්, ඔබේ කරුණාවේ දොරටු මා වෙනුවෙන් විවෘත කරනු මැනව!) යැයි පැවසිය යුතුය. පිටත්වුණු විට ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පැවසිය යුතුය. එමෙන්ම ඔහු "අල්ලාහුම්මඃසිම්නී මිනෂ්-ෂෙයිතානිර් රජීම්" (අහෝ අල්ලාහ්, ප්‍රතික්ෂේප කරන ලද ෂෙයිතාන්ගෙන් මා ආරක්ෂා කරනු මැනව!) යැයි පැවසිය යුතුය. හාකිම්හි සඳහන් තවත් වාර්තාවක "පිටත්වුණු විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පැවසිය යුතුය. එමෙන්ම ඔහු "අල්ලාහුම්මඃජිර් නී මිනෂ්-ෂෙයිතානිර් රජීම්" (අහෝ අල්ලාහ්, ප්‍රතික්ෂේප කරන ලද ෂෙයිතාන්ගෙන් මා ආරක්ෂා කරනු මැනව!) යැයිද පැවසිය යුතුය.
හසන් ගණයට අයත් හදීසයකි. ඉබ්නු මාජහ් සහ හාකිම් එය වාර්තා කර ඇත.
"උත්තරීතර අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් කිසිදු හෙවණක් නැති දිනයේ ඔහුගේ හෙවණ තුළ ඔහු හෙවණ ලබා දෙන හත් දෙනෙකු සිටිති. යුක්ති ගරුක නායකයා, අල්ලාහ්ගේ නැමදුම තුළ වැඩුණු තරුණයා, දේවස්ථාන සමග ඔහුගේ හදවත බැඳුණු මිනිසා, අල්ලාහ් විෂයයෙහි එකිනෙකා ආදරය කරන මිනිසුන් දෙදෙනා, ඔවුන් දෙදෙනා ඔහු වෙනුවෙන් රැස්වෙති. ඔහු වෙනුවෙන් වෙන්ව යති. නිලය හා අලංකාරය ඇති කාන්තාවක් ඔහුට (කාමයේ වරදවා හැසිරීමට) ඇරයුම් කළ විට, "සැබැවින්ම මම අල්ලාහ්ට බිය වෙමි" යැයි පවසන මිනිසා, ඔහුගේ දකුණත වියදම් කළ දෑ ඔහුගේ වමතට නොදැනෙන තරමට එය සඟවාගෙන දන් දෙන මිනිසා, හුදෙකලාවේ අල්ලාහ්ව මෙනෙහි කරමින් ඔහුගේ ඇස්වලින් කඳුළු සළන මිනිසා."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.