Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 12 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“ඔබේ පේළි සමාන්තර ව සකසා ගන්න. සැබැවින්ම පේළි සමාන්තර ව සකසා ගැනීම සලාතයේ පූර්ණභාවයෙන් එකකි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අහෝ දෙවියනි, මාගේ මිනීවළ ස්මාරකයක් බවට පත් නොකරන්න. තම නබිවරුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කරගත් පිරිසට අල්ලාහ් ශාප කළේය."
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
"ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථාන මුස්ලිම් දේවස්ථාන වන අතර ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම පිළිකුල් සහගත ස්ථාන වෙළඳපොළවල් වේ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග මස්ජිදයේ සිටිය දී ගැමි අරාබිවරයකු පැමිණ සිටගෙන මස්ජිදයේ මූත්‍රා කරන්නට විය. එවිට අල්ලාහ්ගේ දූතයාණන්ගේ සහගාමීහු: "හෝ ! හෝ !" යැයි කෑ ගැසූහ. අල්ලාහ්ගේ දූතයාණෝ: "ඔහුව නොවළක්වන්න. ඔහුව අත්හැර දමන්න" යැයි පැවසූහ. ඔහු මූත්‍රා කරන තෙක් ඔවුහු ඔහුව අත්හැර දැමූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණන් ඔහු අමතා ඔහුට මෙසේ පැවසූහ: "සැබැවින්ම මෙය දේවස්ථානයයි. මූත්‍රා කිරීම වැනි දෙයක් හෝ අපවිත්‍ර දෙයක් හෝ මෙහි සිදු කිරීම සුදුසු නැත. සැබැවින්ම මෙය සර්වබලධාරී අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහාත් සලාත් ඉටු කිරීම සඳහාත් අල්-කුර්ආනය පාරායනය කිරීම සඳහාත් වන ස්ථානයකි." අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා සිටි අතරම එම පිරිසේ සිටි මිනිසෙකුට ජල බදුනක් ගෙන එන්නට නියෝග කර එහි වක් කරන මෙන් අණ කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ අතරින් කිසිවෙකු හෝ මස්ජිදයට පිවිසි විට, ඔහු "අල්ලාහුම්මෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" යැයි පැවසිය යුතුය. ඔහු පිටත් වූ විට "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆළ්ලික" යැයි පැවසිය යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මස්ජිද්වල මිනිසුන් එකිනෙකා අලංකාරය ප්‍රදර්ශනය කර ගන්නා තෙක් අවසන් හෝරාව පැමිණෙන්නේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, නසාඊ හා ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
උස්මාන් ඉබ්නු අෆ්ෆාන් මස්ජිදය ඉදි කිරීමට අපේක්ෂා කළේය. එවිට ජනයා එය පිළිකුල් කළෝය. එය තිබෙන ස්වරූපයෙන්ම තිබෙන්නට හැරීමට ඔවුහු ප්‍රිය කළෝය. එවිට එතුමා: අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා මෙසේ පැවසීය: "කවරෙකු අල්ලාහ් වෙනුවෙන් මස්ජිදයක් ඉදි කළේ ද ඔහු වෙනුවෙන් ඒ හා සමාන දෙයක් ස්වර් ග උයනේ ඉදි කරනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසි විට, තමන් වාඩි වීමට පෙර රකආත් දෙකක් ඉටු කළ යුතු වේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.