Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 1 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු මැවීම්වලට ඉහළින් මාගේ ප්‍රජාව අතරින් මිනිසෙකු වෙන් කර හඳුනා ගනු ඇත. ඔහු වෙත ලේඛන අනූ නවයක් දිග හැර තබනු ලැබේ. සෑම ලේඛනයක්ම ඇසට පෙනෙන දුරින් තිබේ. පසුව ඔහු: "ඔබ මේ කිසිවක් ප්‍රතික්ෂේප කරනවාද? මෙය සටහන් කළ අය ඔබට අසාධාරණයක් කර තිබේ ද?" යැයි විමසයි. එවිට ඔහු: "නැත, මාගේ පරමාධිපතියාණනි," යැයි පිළිතුරු දෙයි. ඔහු: "ඔබට නිදහසට කරුණක් තිබේ ද?" යැයි පවසයි. ඔහු: 'නැත, මාගේ පරමාධිපතියාණනි,!' යැයි පිළිතුරු දෙයි. එවිට ඔහු: "එසේ නම්, ඔබ වෙනුවෙන් අප සතුව යහපතක් ඇත. එබැවින් අද ඔබට අසාධාරණයක් සිදු නොවනු ඇත." යැයි පවසයි. ඉන්පසු බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ. එහි අෂ්හදු අන්ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම සැබැවින්ම මුහම්මද් තුමාණෝ ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බව මම සාක්ෂි දරමි.) යැයි සඳහන්ව ඇත. ඔහු: "ඔබේ තරාදිය රැගෙන එන්න" යැයි පවසයි. ඔහු: "අහෝ මාගේ පරමාධිපතියාණනි, මේ ලේඛන සමග ඇති මේ බලපත්රය කුමක්ද? යැයි විමසයි. ඔහු: ඔබට අසාධාරණයක් සිදු නොවේ" යැයි පවසයි. "ලේඛන එක් තට්ටුවක තබනු ලැබේ. බලපත්රය (අනෙක්) තට්ටුවේ තබනු ලැබේ. ලේඛන සැහැල්ලු වේ. බලපත්රය බර වේ. අල්ලාහ්ගේ නාමය සමග කිසිවක් බරින් වැඩි වන්නේ නැත." යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, හා ඉමාම් මාජහ් වාර්තා කොට ඇත.