Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 49 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ මිය ගිය විට, ඔහුගේ නවාතැන උදේ හා හවස ඔහුට නිරූපණය කරනු ලැබේ. ඔහු ස්වර්ගවාසීන් අතරින් කෙනෙකු වී නම් ඔහු ස්වර්ගවාසීන් අතරින් වනු ඇත. එමෙන්ම ඔහු අපා ගින්නේ වාසීන් අතරින් කෙනෙකු වී නම්, ඔහු අපා ගින්නේ වාසීන් අතරින් වනු ඇත. එවිට ඔහුට මෙසේ පවසනු ලැබේ: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔබව අවදි කරන තෙක් ඔබේ වාසස්ථානය මෙය වේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මරණය කළු සුදු මිශ්‍රැති බැටළුවෙකුගේ හැඩයෙන් ගෙනැවිත් තබනු ලැබේ. එවිට ඇරයුම් කරුවකු "අහෝ ස්වර්ග වැසියනි!" යැයි ඇරයුම් කරයි. එවිට ඔවුහු බෙලි දිගු කරමින් බලති. ඔහු: "නුඹලා මෙය හඳුනනවා ද?" යැයි විමසයි. ඔවුහු: "එසේය, මෙය මරණය වේ" යැයි පවසති. ඔවුන් සෑම කෙනෙකුම එය දැක තිබුණි. පසුව නැවතත් "අහෝ නිරා වැසියනි!" යැයි ඇරයුම් කරයි. එවිට ඔවුහු ද බෙලි දිගු කරමින් බලති. එවිට ඔහු: "නුඹලා මෙය හඳුනනවා ද?" යැයි විමසයි. එවිට ඔවුහු: "මෙය මරණය වේ" යැයි පවසති. ඔවුන් සෑම කෙනකුම එය දැක තිබුණි. පසුව එය කපා හරිනු ලැබ අනතුරුව "අහෝ ස්වර්ග වැසියනි! සදාතනිකභාවයයි. එහෙයින් මරණයක් නැත, අහෝ අපා වැසියනි! සදාතනිකභාවයයි. මරණයක් නැත යැයි පවසයි. පසුව හෙතෙම "ඔවුහු විශ්වාස නොකරමින් හා ඔවුන් නොසැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු" යන (සූරා මර්යම්: 39) පාඨය පාරායනය කළේය. එසේ නොසැලකිල්ලෙන් සිටි අය මෙලොව වාසීහු වෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ස්වර්ගවාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? දුර්වල හා දුර්වල කරන ලැබූ සෑම කෙනෙකුමය. එවැන්නෙකු අල්ලාහ් මත දිවුරා සිටියේ නම් ඔහු ඔහුට උපකාර කරනු ඇත. නිරා වාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? අහංකාර උද්දච්ඡ උඩඟුකම් පාන සෑම කෙනෙකුමය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මීල් (සැතපුමක) තරම් පිහිටන තරමට හිරු මැවීම් අතරට ළං කරනු ලැබේ. සුලෙයිම් ඉබ්නු ආමිර් තුමා මෙසේ පැවසීය: අල්ලාහ් මත දිවුරා පවසමි "මීල්" යනු කුමක්දැ?යි මම නොදනිමි. එය මහපොළොවේ පවතින දුර ප්‍රමාණය ද එසේ නැතහොත් ඇසට කොහොල් දල්වන දැහැටියේ ප්‍රමාණය ද? එතුමාණෝ මෙසේ පැවසූහ: "මිනිසුන් තම තමන්ගේ ක්‍රියාවන්හි ප්‍රමාණයට අනුව දහඩිය තුළ ගිලී සිටී. ඒ අනුව ඔවුන්ගෙන් අතැමෙක් ඔහුගේ විලුඹ දෙක දක්වා ද, තවත් ඇතැමෙක් ඔහුගේ දණහිස් දෙක දක්වා ද, තවත් ඇතැමෙක් ඔහුගේ ඉඟටිය දක්වා ද තවත් ඇතැමෙක් ඔහුගේ මුඛය දක්වා ද ගිලී සිටියි" එතුමා මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණෝ තම අත තම කට දක්වා ඉඟි කර පෙන්වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ස්වර්ගයේ ඔබ අතුරින් කෙනෙකුට හිමි අවම නිලය වනුයේ: ඔබ පතනු" යැයි ඔහුට කියනු ලැබෙයි. එවිට ඔහු පතයි. නැවතත් පතයි. එවිට "ඔබ පැතුවෙහිදැ?" යි විමසයි. එවිට ඔහු: "එසේය" යැයි පවසයි. එවිට ඔහුට: "ඔබ පැතූ දෑ ද ඒ සමගම ඒ හා සමාන දෙයක් ද ඔබට හිමිය" යැයි පවසනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ඔබ යුදෙව්වන් සමග සටන් කරන තෙක් අවසන් හෝරාව ක්‍රියාත්මක වන්නේ නැත. ගලට පසුපසින් සැඟවී සිටින යුදෙව්වා ගැන එම ගල මෙසේ පවසයි. අහෝ මුස්ලිම්වරය, මට පසුපසින් යුදෙව්වෙකු සිටියි. ඔහුව නසා දමනු."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ සිටියෙමු. එවිට එතුමාණෝ පුන් සඳ රාත්‍රියක චන්ද්‍රයා දෙස බලා මෙසේ පැවසූහ. “ඔබ මේ චන්ද්‍රයා දකින සේ සැබැවින්ම ඔබේ පරමාධිපතිව ඔබ දකිනු ඇත. ඔහුව දැකීමේදී ඔබ වෙහෙසට පත් නොවනු ඇත. තවද හිරු උදාවීමට පෙර හා එය අවරට යාමට පෙර පවතින සලාතය අතපසු නොකිරීමට ඔබට හැකිනම් ඔබ ඉටු කරනු. යැයි පැවසූහ. පසුව 'හිරු උදාවීමට පෙර හා අවරට යෑමට පෙර ඔබේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ කරනු' යන (අර්ථය ඇතුළත්) පාඨය එතුමාණෝ පාරායනය කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“රන් හෝ රිදී හිමි අයකු ඒ සඳහා වූ (සකාත්) නියමය ඉන් ඉටු නොකරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තැටි ඔහු වෙනුවෙන් තනනු ලැබේ. පසුව අපා ගින්නෙහි රත් කරනු ලැබ එමගින් ඔහුගේ ඇලපැත්ත ඔහුගේ නළල සහ ඔහුගේ පිට ගිනි තැටියෙන් මදිනු ලැබේ. එය සිසිල් වන සෑම විටෙකම නැවතත් රත් කරනු ලැබේ. මෙම දඬුවම වසර පනස්දහසක කාල ප්‍රමාණයකින් යුත් එක් මතු දිනයක සිදු වේ. තීන්දු දෙනු ලැබ, ස්වර්ගය වෙත හෝ අපා ගින්න වෙත හෝ ඔහුගේ මඟ ඔහු දකින තුරු නැවත නැවතත් ඔහු වෙනුවෙන් මෙසේ සිදු කරනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.