Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 6 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“මා නුඹලාට අතහැර දැමූ දෑ ගැන නුඹලා (මගෙන් විමසීමෙන්) මා අත්හැර දමනු. නුඹලාට පෙර විසූවන් විනාශ වූයේ ඔවුන් අධික ලෙස ප්‍රශ්න විමසා සිටි හෙයින් හා නබිවරුන් පිළිබඳ ඔවුන් මතභේද ඇති කරගත් හෙයිනි. මා නුඹලාට යමක් වැළැක් වූ විට, නුඹලා එයින් වැළකෙනු. මා යම් නියෝගයක් නුඹලාට නියෝග කළ විට නුඹලා එය හැකි පමණින් ඉටු කරනු.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“හිරු උදාවන උතුම්ම දිනය ජුමුආ දිනයයි. ආදම් මවනු ලැබුවේ එහිය. ස්වර්ගයට ඇතුළත් කරනු ලැබුවේ ද එහිය. ඉන් බැහැර කරනු ලැබුවේ ද එහිය. අවසන් හෝරාව හට ගන්නේ ජුමුආ දිනක ය“
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
‘මා ප්‍රතික්ෂේප කළ අය හැර, මාගේ සෙසු සමූහයා සියල්ලෝම ස්වර්ගයට පිවිසෙති.’ "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ප්‍රතික්ෂේප කරන්නේ කවුරුන්දැ?’යි ඔවුහු විමසා සිටියෝය. එතුමා, 'කවරෙකු මට අවනත වූයේ ද ඔහු ස්වර්ගයට පිවිසීය. කවුරුන් මට පිටුපෑවේ ද ඔහු ප්‍රතික්ෂේප කළේය.’යැයි කීහග
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"මුහම්මද්ගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙව් හෝ කිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝ මා ගැන අසා, නමුත් මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන විශ්වාසය සහතික නොකර (එම තත්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු විය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මරිය තුමියගේ පුත් (ජේසුස්) නුදුරේදීම ඔබ අතර සාධාරණ පාලකයෙකු ලෙස පහළ වනු ඇත. කුරුසය කඩා, ඌරන් මරා, ජිසියා (මුස්ලිම් නොවන අයගෙන් ලබාගත් බද්ද) අහෝසි කරනු ඇත. එවිට මුදල් බහුල වන අතර කිසිවකු පුණ්‍යාධාර භාර නො ගනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ වක්තෘවරුන් අතුරින් මිනිසුන් ඔහු විශ්වාස කිරීමට හේතු වූ, (ප්‍රාතිහාර්යක්) පිරිනමනු ලැබ, මිනිස් වර්ගයා එය විශ්වාස කළ කිසිම වක්තෘවරයෙක් නොවීය. මට දෙනු ලැබ ඇත්තේ මා වෙත අල්ලාහ් දන්වා සිටි දිව්‍ය පණිවිඩයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අතුරින් බහුතරයක් දෙනා මා අනුගමනය කරන අය වීම ගැන මම අපේක්ෂා කරමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.