Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 35 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
හිරු උදාවන සෑම දිනකම මිනිසාගේ සෑම සන්ධියක් සඳහාම දානයක් විය යුතුය. දෙදෙනකු අතර සමතයට පත් කිරීම දානයකි. මිනිසෙක් තම වාහනයේ නංවාගෙන හෝ ඔහුගේ බඩු බාහිරාදිය ඒ මත පටවාගෙන ගොස් ඔහුට උපකාර කිරීම දානයකි. දැහැමි වචනය දානයකි. සලාතය වෙත ගමන් කරමින් එහි තබන සෑම පියවරක්ම දානයකි. මාර්ගයෙන් හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා සමග ගමනක යෙදී සිටියෙමු. එවිට එතුමාණෝ එතුමාණන්ගේ අවශ්‍යතාවයක් සඳහා පිටත්ව ගොස් සිටියහ. පැටවුන් දෙදෙනෙකු සමඟ කුඩා කුරුල්ලෙකු අපට දක්නට ලැබුණි. අපි උගේ පැටුවුන් දෙදෙනා අරගත්තෙමු. එවිට එම කුඩා කුරුල්ලා ඉහළින් තටු විහිදන්නට පටන් ගත්තේය. එවිට නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පැමිණ: "මුගේ පැටවුන් පැහැරගෙන මූ වේදනාවට පත් කළේ කවු ද? මුගේ පැටවුන් මූට නැවත භාර දෙන්න" යැයි පැවසූහ. තවද එතුමාණෝ කුහුඹු ගම්මානයක් දුටුහ. එය ගින්නෙන් පුළුස්සා දමා තිබිණ. එවිට එතුමාණෝ 'මෙය පුච්චා දැමුවේ කවුදැ?'යි විමසූහ. එවිට අපි: 'අප' යැයි පිළිතුරු දුන්නෙමු. එතුමා: "ගින්නේ හිමිකරු මිස ගින්නෙන් දඬුවම් කිරීමට කිසිවකුට යුතු නැත" යැයි පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
මක්කා ජයග්‍රහණය ලැබූ දින අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනතාව අමතා දේශනා කළහ. එවිට එතුමාණෝ: අහෝ ජනයිනි! අඥාන යුගයේ අහංකාරකම් හා එහි මුතුන් මිත්තන් ගැන පුරසාරම් දෙඩීම් අල්ලාහ් නුඹලාගෙන් පහ කර ඇත. දැන් මිනිසුන් දෙවර්ගයකි. අල්ලාට ගෞරවනීය භක්තිමත් ධර්මිෂ්ඨයෙකි. අල්ලාහ්ට නින්දා සහගත අභාග්‍යමත් දුෂ්ඨයකි. මිනිසුන් සියල්ලෝම ආදම්ගේ දරුවෝ වෙති. අල්ලාහ් ආදම්ව පසින් මැව්වේය. අල්ලාහ් මෙසේ පවසයි: "අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර්ගිකයින් හා ගෝත්‍රිකයින් බවට නුඹලාව අපි පත් කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; මහා අභිඥානවන්තය. " (අල්-හුජුරාත්: 13)
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා ඉබ්නු හිබ්බාන් වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ කණ්ඩායමක් යවා අන්සාර් වරුන්ගෙන් කෙනෙකු ඔවුන්ගේ නායකයා ලෙස පත් කර, ඔවුන්ට කීකරු වන මෙන් උපදෙස් දුන්හ. වරක් ඔහු කෝපයට පත් ව මෙසේ පැවසීය: "මට කීකරු වන ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔබට අණ කළේ නැද්ද?" ඔවුන් 'එසේය' යැයි පැවසූහ. එවිට ඔහු: "එසේ නම්, මට දර එකතු කර දෙන්න." ඒ අනුව ඔවුන් ඒවා එකතු කළහ. ඉන්පසු ඔහු ගින්නක් දල්වන්නැයි පැවසීය. එවිට ඔවුන් එසේ ද කළහ. ඉන්පසු ඔහු: 'එයට ඇතුළු වන්න' යැයි පැවසීය. ඔවුන් එසේ කිරීමට සූදානම්ව සිටිය ද, සමහරු අනෙක් අයව වළක්වා ගනිමින් මෙසේ පැවසූහ: 'අපි ගින්නෙන් බේරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පලා ගියෙමු.' ගින්න නිවී ඔහුගේ කෝපය පහව යන තෙක් ඔවුන් එලෙසම සිටියහ. මේ බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දැනුම් දුන් විට, එතුමාණෝ මෙසේ පැවසූහ.: "ඔවුන් එයට ඇතුළු වූයේ නම්, විනිශ්චය දිනය දක්වා ඔවුන් කිසි විටෙකත් එයින් පිටතට නොඑනු ඇත. කීකරුකම ඇත්තේ යහපත් කටයුතුවල පමණි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අල්ලාහ්ගේ සීමාවන් තුළ ස්ථාවරව සිටින්නාට හා එහි වැටෙන්නාට උපමාව නැවක (ස්ථානයක් සඳහා) කුසපත් අදින පිරිසක් මෙනි. පසුව ඔවුන්ගෙන් පිරිසක් එහි ඉහළ කොටස ද තවත් පිරිසක් එහි පහළ කොටස ද ලබා ගත්තේය. එහි පහළ කොටසේ සිටින්නන් ජලය ලබා ගැනීමට අවශ්‍ය වූ විට ඉහළ සිටින්නන් වෙත යන්නට ඔවුනට සිදු විය. පසුව ඔවුහු: 'අපට ඉහළින් සිටින්නන්ට කරදර නොකර අපගේ කොටසෙහිම අපි විවරයක් සාදා ගත්තේ නම් මැනව’ යැයි පැවසුවෝය. මොවුන් සිතන පරිදිම කරන්නට ඔවුහු ද මොවුන් අත්හැර දැමුවේ නම්, ඔවුන් සියලු දෙනාම විනාශ වී යනු ඇත. නමුත් ඔවුහු මොවුන්ගේ අත්වලින් අල්ලාහ් ගත්තේ නම්, ඔවුන් ද දිවි ගලවා ගන්නා අතරම සෙසු සියලු දෙනා ද දිවි ගලවා ගනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"මා ගැන එක් වාක්‍යයක් හෝ වේවා, එය නුඹලා දැනුවත් කරන්න. ඉස්රාඊල් දරුවන් ගැන කතා කරන්න, වරදක් නැත. නමුත් කවරෙකු උවමනාවෙන්ම මා කෙරෙහි බොරු පවසා සිටියේද අපා ගින්නේ ඔහුගේ අසුන ඔහු වෙන්කර ගනිත්වා."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“සැබැවින්ම මගෙන් පසුව බලපෑම් හා නුඹලා පිළිකුල් කරන කටයුතු සිදුවනු ඇත.” 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ අපට නියෝග කරනුයේ කුමක්ද?' යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: “නුඹලා මත පැවරුණු වගකීම් නුඹලා ඉටු කරමින් නුඹලාට හිමි දෑ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීමය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටිය දී, ඔටුවකු මත නැග ආ මිනිසෙක් මස්ජිදයට පිවිස එහි ඌ දණ ගස්වා උගේ පාද ගැට ගසා දැමීය. පසුව ඔහු ඔවුනට: "නුඹලා අතර මුහම්මද් කවුදැ?"යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිටියේ ඔවුන් පසුපස හේත්තු වෙමිනි. එවිට අපි: "හේත්තු වී ඉන්න සුදු මිනිසා ඔහු ය" යැයි පැවසුවෙමු. එවිට එම මිනිසා එතුමාණන්ට: "අහෝ අබ්දුල් "මුත්තලිබ්ගේ පුතුනි!" යැයි ඇමතුවේය. එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මම ඔබට පිළිතුරු දෙමි" යැයි පැවසූහ. එවිට එම මිනිසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට "සැබැවින්ම මම ඔබෙන් ප්‍රශ්න කර සිටිමි. ප්‍රශ්න කිරීමේ දී ඔබ අපහසුතාවයට පත් විය හැක. නමුත් ඔබ මා ගැන වරදක් නොසිතිය යුතුය" යැයි පැවසීය. එවිට එතුමාණෝ: "ඔබට මතු වන දෑ විමසන්න." යැයි කීහ. එවිට ඔහු "ඔබේ පරමාධිපති මත හා ඔබට පෙර වූවන්ගේ පරමාධිපති මත දිවුරා විමසමි. සියලු මිනිසුන් වෙත ඔබ ව එවා ඇත්තේ අල්ලාහ් ද?" යැයි විමසීය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු "අල්ලාහ්ගේ නාමයෙන් මම ඔබෙන් විමසා සිටිමි. දහවලේ හා රාත්‍රියේ පස් වාරයක් අප සලාත් ඉටු කිරීම සඳහා ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසා සිටියෙ ය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. වසරේ මෙම මාසයේ උපවාසයේ නිරත වීමට ඔබට නියෝග කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. අප අතර පොහොසතුන්ගෙන් සදකා හෙවත් සකාත් ලබා එය අප අතර සිටින දුප්පතුන් අතර බෙදා දෙන්නට ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණා්: "අල්ලාහ් මත දිවුරමි. ඔව්" යැයි පිළිතුරු දුන්හ. පසුව එම මිනිසා: ඔබ කවර කරුණක් ගෙන ආවේ ද එය මම විශ්වාස කළෙමි. මම මාගේ ප්‍රජාව විසින් එවනු ලැබූ දූතයා වෙමි. මම බනූ සඃද් ඉබ්නු බක්ර්ගේ සහෝදර ළිමාන් ඉබ්නු සඃලබා වෙමි" යැයි පැවසුවේය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.