Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 1 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අබූ තාලිබ්ට මරණය ළඟා වූ කල්හි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහු වෙත පැමිණියේය. ඔහු අසල අබ්දුල්ලාහ් ඉබ්නු අබූ උමය්යා හා අබූ ජහ්ල් සිටිනු දුටුහ. එවිට එතුමා ඔහුට: “මාගේ මහප්පාණනි, අල්ලාහ් අබියස ඔබ වෙනුවෙන් මා කතා කළ හැකි පරිදි ඔබ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත’ යැයි පවසන්න.” යැයි කීහ. එවිට අබූ ජහල් සහ අබ්දුල්ලාහ් ඉබ්නු අබී උමය්යා: ‘ඔබ අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙතින් ඉවත් වීමට අපේක්ෂා කරන්නෙහි ද?' යැයි විමසූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නැවතත් එතුමාට ඇරයුම් කළේය. ඔවුන් දෙදෙනාද එම ප්‍රකාශයම නැවත නැවතත් පැවසූහ. අවසානයේ අබ්දුල් මුත්තලිබ් ඔවුන්ගේ ප්‍රකාශයම පවසා සිටියේය. එනම් තමන් අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙත මත සිටින බවය. ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි පැවසීමට ඔහු ප්‍රතික්ෂේප කළේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔබ ගැන මා නො වළක්වන තාක්කල් සැබැවින්ම මම ඔබට සමාව අයැද සිටින්නෙමි. එවිට අල්ලාහ් මෙම පාඨය පහළ කළේය. “නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේව විශ්වාස කරන්නන්ට සුදුසු නොවීය.” (අත්-තව්බා: 113) එමෙන්ම අබූ තාලිබ් තුමා විෂයයෙහි අල්ලාහ් මෙසේ පහළ කළේය. “නියත වශයෙන්ම ඔබ ප්‍රිය කළ අයට ඔබට මග පෙන්විය නො හැකිය. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳ මැනවින් දන්නාය." (අල්-කසස්: 56)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.