Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 5 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දිනක් අප අතර නැගිට හදවත් සසල කළ, ඇස්වලින් කඳුළු වැගිරවූ චතුරාර්ය උපදෙසක් අපට දේශනා කළහ. එවිට 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ සමුගන්නෙකු විසින් කරන උපදෙසක් අපට දේශනා කළෙහිය. එබැවින් ඔබ අපට ප්‍රතිඥාවක් දෙන්නැයි' පවසනු ලැබීය. එවිට එතුමාණෝ "ඔබ සැම අල්ලාහ්ට භක්තිමත් ව (ඔහු පිළිබඳ සිහියෙන්) කටයුතු කළ යුතුය. (කළු ජාතික) ඉතියෝපියානු වහලෙකු වුව ද ඔහුට සවන් දිය යුතුය. අවනත විය යුතුය. මගෙන් පසු ඔබ දරුණු ලෙස ගැටුම් දකිනු ඇත. එහෙයින් ඔබ මාගේ සුන්නාව හා යහමඟ ලැබූ 'අල්-කුලෆාඋර් රාෂිදූන් හෙවත් (ප්‍රධාන) පාලකයින්ගේ සුන්නාව පිළිපදිනු. ඒවා පුරස්චාර්වක දත්වලින් අල්ලා ගනු. අලුතින් ඇති කරන සෑම කරුණක්ම නොමඟය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
එනම්: “සැබැවින්ම ජනයා අපරාධකරුවකු දුටු විට, ඔහුගේ අතින් අල්ලා නොගත්තේ නම්, ඔහු හේතුවෙන් අල්ලාහ් ඔවුන් (සියල්ලට) දඬුවම පොදු කරන්නට පුළුවන.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අස්සුනන් අල්කුබ්රා හි වාර්තා කර ඇත. තවද මෙය ඉමාම් ඉබ්නු මාජහ් සහ අහ්මද් යන ඉමාම්වරුන්ද වාර්තා කර ඇත.
"ජිහාද් නම් වෑයම අතරින් ශ්‍රේෂ්ඨතම අරගලය වනුයේ අසාධාරණ පාලකයකු ඉදිරියේ කෙරෙන යුක්ති සහගත ප්‍රකාශයයි.”
හසන් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
"අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මෙන් ද, වහලෙක් ඔබ කෙරෙහි නායකත්වය දැරුව ද ඔහුට සවන් දී අවනත වන මෙන් ද, මම ඔබ සැමට උපදෙස් දෙමි. මගෙන් පසුව කවරෙකු ඔබ අතරින් ජීවත් වන්නේ ද ඔහු බොහෝ මතභේද දකිනු ඇත. එබැවින් මාගේ පිළිවෙත හා ඍජු ලැබූ යහමග පෙන්වන ප්‍රධාන පාලකයින්ගේ පිළිවෙත ද පිළිපදින්න. චාර්වක දත්වලින් ඒවා තදින් අල්ලා ගන්න. කරුණු අතරින් නිර්මාණ කරන ලද නවක දැයින් වැළකී සිටින්න. නිර්මාණ කරන ලද සෑම නවෝත්පාදනයක්ම මුලාවකි."
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ තිර්මිදි එය වාර්තා කර ඇත.
අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා සමග ගමනක යෙදී සිටියෙමු. එවිට එතුමාණෝ එතුමාණන්ගේ අවශ්‍යතාවයක් සඳහා පිටත්ව ගොස් සිටියහ. පැටවුන් දෙදෙනෙකු සමඟ කුඩා කුරුල්ලෙකු අපට දක්නට ලැබුණි. අපි උගේ පැටුවුන් දෙදෙනා අරගත්තෙමු. එවිට එම කුඩා කුරුල්ලා ඉහළින් තටු විහිදන්නට පටන් ගත්තේය. එවිට නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පැමිණ: "මුගේ පැටවුන් පැහැරගෙන මූ වේදනාවට පත් කළේ කවු ද? මුගේ පැටවුන් මූට නැවත භාර දෙන්න" යැයි පැවසූහ. තවද එතුමාණෝ කුහුඹු ගම්මානයක් දුටුහ. එය ගින්නෙන් පුළුස්සා දමා තිබිණ. එවිට එතුමාණෝ 'මෙය පුච්චා දැමුවේ කවුදැ?'යි විමසූහ. එවිට අපි: 'අප' යැයි පිළිතුරු දුන්නෙමු. එතුමා: "ගින්නේ හිමිකරු මිස ගින්නෙන් දඬුවම් කිරීමට කිසිවකුට යුතු නැත" යැයි පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.