Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"යුදෙව්වන්ට හා කිතුනුවන්ට අල්ලාහ් ශාප කළේය. ඔවුන් ඔවුන්ගේ නබිවරුන්ගේ සොහොන් ගැබ් මස්ජිද් බවට සකසා ගත්තෝය. ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: "එසේ නොවීනම්, එතුමාණන්ගේ මිනීවල හෙළි කරනු ලබන්නට තිබුණි. නමුත් එතුමා එය නැමදුම් ස්ථානයක් ලෙස ගනු ලැබීම ගැන බිය වූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අනාවැකි කියන්නන් පිළිබඳ ව අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) ජනයා විමසා සිටියෝය. එවිට එතුමා: “ඔවුන් තුළ කිසිවක් නැත” යැයි පැවසීය. එවිට ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණෙනි! ඇතැම් විට ඔවුන් අපට කරුණක් වසන්නේ නම් එය සැබෑවක් වන්නේය! යැයි පවසා සිටියෝය. එවිට අල්ලාහ්ගේ දූතයාණන්: ‘එම ප්‍රකාශය සත්‍යයෙන් යුක්තය. නමුත් එය ජින්නුවෙක් පැහැර ගෙන ඔහුගේ භාරකරුගේ කන තුළට දන්වා සිටි දෑ වේ. පසුව ඔවුහු ඒ සමග බොරු සියයක් මුසු කරති" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මා වෙත පැමිණියහ. මා විසින් මගේ කුටියේ (දොරටුවට) මා සතු පින්තූර සහිත තිරයකින් ආවරණය කර තිබුණි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එය දුටු විට, එය ඉවත් කළහ. එතුමාණන්ගේ මුහුණේ වර්ණය ද වෙනස් විය. එතුමාණෝ: "අහෝ ආඉෂා! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දරුණුතම දඬුවමට ලක්වන්නේ අල්ලාහ්ගේ මැවීමකට සමාන යමක් කිරීමට උත්සාහ කරන්නන් වේ." යැයි පැවසූහ. ආඉෂා තුමිය තවදුරටත්: 'අපි එය කෑලි කර ඉන් එක් කොට්ටයක් හෝ කොට්ට දෙකක් සාදා ගත්තෙමු' යැයි පැවසුවාය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම උම්මු සලමා තුමිය ඇබීසීනියානු දේශයේ දුටු මාරියා නම් පල්ලියක් පිළිබඳ මෙනෙහි කළාය. එහිදී ඇය දුටු පින්තූරු ගැන ද මතක් කර සිටියාය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළහ. “ඔවුන් ජන සමූහයකි. ඔවුන් අතර දැහැමි ගැත්තෙකු හෝ දැහැමි මිනිසකු හෝ මිය ගිය විට ඔහුගේ මිනිවළ මත ඔවුහු දේවස්ථාන ඉදි කළෝය. එහි එම පින්තූරු නිර්මාණය කළෝය. අල්ලාහ් අබියස වඩාත් නපුරුම ජනයා ඔවුහුය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.