Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දුනිමි. “අහෝ ආදම්ගේ දරුව! සැබැවින්ම නුඹ මා ඇරයුම් කර මා කෙරෙහි අපේක්ෂා තබන්නෙහි නම් නුඹ තුළ සිදුවූ දෑ සඳහා මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. ආදම්ගේ දරුව! නුඹේ පාපකම් අහසේ වළාකුළු උසට ළඟා වුව ද පසුව නුඹ මගෙන් සමාව අයැද සිටින්නේ නම් මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. අහෝ ආදම්ගේ දරුව! මහපොළොව තරම් වැරදි සමග නුඹ මා වෙත පැමිණිය ද නුඹ මට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ මා මුණ ගැසුණේ නම් එය පිරෙන තරම් සමාව මම නුඹට පිරිනමමි යැයි උත්තරීතර අල්ලාහ් පවසා ඇත."
හසන් ගණයට අයත් හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හුනෙයින් වෙත පිටත්ව ගිය කල්හි, එතුමාණෝ බහුදේව වාදීන් සතු ගසක් අසළින් ගමන් ගත්හ. එයට 'සාතු අන්වාත්' යනුවෙන් කියනු ලැබේ. ඔවුන්ගේ ආයුධ එහි එල්ලා තබති. එවිට ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔවුන් සතු 'සාතු අන්වාත්' මෙන් අපටද සාතු අන්වාතයක් නියම කරන්නයි' පැවසූහ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) 'සුබ්හානල්ලාහ් (අල්ලාහ් සුවිශුද්ධය) මෙය “ඔවුනට දෙවිවරුන් සිටින සේ අපටත් දෙවිවරුන් නියම කරන්න" (අල්-අඃරාෆ්: 138) යැයි මූසාගේ ප්‍රජාව පවසා සිටියාක් මෙනි. මාගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා නුඹලාට පෙර විසූවන්ගේ පිළිවෙත මග නැග යන්නෙහුය.' යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“කරුණාවන්තයෝ වනාහි, රහ්මාන් ඔවුනට කරුණා කරනු ඇත. මිහිකතේ වැසියනට නුඹලා කරුණා කරනු. අහස්හි සිටින්නන් නුඹලාට කරුණා කරනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"දරුවා! මම ඔබට වදන් කිහිපයක් උගන්වමි: අල්ලාහ්ගේ මග පෙන්වීම රැක ගනිමින් කටයුතු කරන්න. එවිට අල්ලාහ් ඔබ ආරක්ෂා කරයි; අල්ලාහ් (ඔබ කෙරෙහි පනවා ඇති වගකීම්) ආරක්ෂා කරන්න, එවිට ඔබ අල්ලාව ඔබේ පැත්තෙන් දැක ගනු ඇත; ඔබ අයද සිටින්නේ නම්, අල්ලාහ්ගෙන් අයද සිටින්න; ඔබ උදව් සොයන්නේ නම්, අල්ලාහ්ගෙන් උපකාරය පතන්න; (ලොව සිටින) සියලු දනන් එකතු වි ඔබට හානියක් සිදු කිරීමට තැත් කළ ද, අල්ලාහ් ඔබට නිර්ණය කළ දෑ හැරෙන්නට ඔවුන් සියලු දෙනාට ඔබට කිසිදු හානියක් සිදු කිරීමට නොහැක. පන්සිද ඔසවනු ලැබීය, කඩදාසි වියැළින'
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි විසින් දන්වා ඇත.