Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට, أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ද ඔහුගේ ගෞරවණීය මුහුණින් ද, ඔහුගේ බලවත් අධිකාරියෙන් ද, මම ආරක්ෂාව පතමි.) යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. ඔහු: ‘මෙය පමණක් දැ?’යි විමසීය. එවිට මම ‘එසේය’ යැයි පැවසුවෙමි. එතුමා: ඔහු එය පැවසූ විට, ෂෙයිතාන්: 'අද දින ඉතිරිව ඇති කාලය තුළ ඔහු මගෙන් ආරක්ෂාව ලැබීය.' යැයි පවසයි.
හසන් ගණයට අයත් හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අප අතරින් යමෙක් ඔහුගේ සිත තුළ යමක් -ප්‍රදර්ශණය වීම- දකියි. ඒ ගැන කතා කිරීමට වඩා අළු බවට පත් වීම ඔහුට වඩාත් ප්‍රිය ජනකය" යැයි පැවසීය. එවිට එතුමාණෝ: "අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල් හම්දුලිල්ලාහිල්ලදී රද්ද කයිදහූ ඉලල් වස්වසති" (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, ෂෙයිතාන්ගේ කෙඳිරීම හටගත් විගස ඔහුගේ කුමන්ත්‍රණය ඔහු වෙතම යළි හරවා යැවූ තැනැත්තාටම සියලු ප්‍රශංසා) යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද් වාර්තා කර ඇති අතර අන් නසාඊ අල්කුබ්රා නමැති ග්‍රන්ථයේ ද වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ අභිමතය පරිදිත් මේ පුද්ගලයාගේ අභිමතය පරිදිත් විය" යැයි නොපවසන්න. එනමුත් (පළමුව) ‘අල්ලාහ්ගේ අභිමතය පරිදි හා පසු ව මේ පුද්ගලයාගේ අභිමතය පරිදි විය’ යනුවෙන් පවසන්න.”
සියලුම සම්ප්‍රේෂණ දාමයන් හරහා පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද් වාර්තා කර ඇත. තවද අන්නසාඊ අල් කුබ්රාහි සහ අහ්මද් ද වාර්තා කර ඇත.
“කරුණාවන්තයෝ වනාහි, රහ්මාන් ඔවුනට කරුණා කරනු ඇත. මිහිකතේ වැසියනට නුඹලා කරුණා කරනු. අහස්හි සිටින්නන් නුඹලාට කරුණා කරනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.