Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 34 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (54)
“කවරෙකු මුඃමින්වරයකුගෙන් මෙලොව පීඩාවන් අතරින් පීඩාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින පීඩා අතරින් පීඩාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කරනු ඇත. කවරෙකු දුෂ්කරතා ඇත්තෙකුට පහසුව සලසන්නේ ද මෙලොව හා මතුලොවදී අල්ලාහ් ඔහුට පහසුව සලසනු ඇත. කවරෙකු මුස්ලිම්වරයකු(ගේ වරදක්) සඟවන්නේ ද මෙලොව හා මතුලොවෙහි අල්ලාහ් ඔහුව සඟවනු ඇත. ගැත්තා තම සහෝදරයට උදව් කරමින් සිටින කල්තාක් අල්ලාහ් එම ගැත්තාට උදව් කරමින් සිටියි. කවරෙකු දැනුම සොයමින් මාර්ගයක ගමන් කරන්නේ ද එමගින් ස්වර්ගය වෙත වූ මාර්ගය අල්ලාහ් ඔහුට පහසු කරනු ඇත. අල්ලාහ්ගේ නිවෙස් අතරින් නිවසක පිරිසක් වාඩි වී අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවමින් ඔවුන් අතර එය අධ්‍යයනය කරමින් වාඩි වී සිටින්නේ ද ඔවුන් වෙත සැනසුම පහළ වී ආශිර්වාදය ඔවුන් ආවරණය කර මලක්වරුන් ඔවුන් පිරිවරා සිටිනු මිස නැත. අල්ලාහ් ද ඔහු අබියස සිටින්නන් අතර ඔවුන් ගැන මෙනෙහි කරනු ඇත. යහපත් ක්‍රියාවන්හි මන්දගාමී තැනැත්තා, ඔහුගේ (ඉහළ) පරම්පරාව ඔහුට ඉදිරියට යාමට ඉඩ නොදේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“ශක්තිමත් මිනිසා මල්ලව පොර ක්‍රීඩකයා නොව, සැබැවින්ම ශක්තිමත් මිනිසා යනු තමන් කෝපයට පත් වූ විට තමාව පාලනය කර ගන්නා තැනැත්තාය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"කවරෙක් "සුබ්හානල්ලාහි වබිහම්දිහි" යනුවෙන් දිනකට සියවතාවක් පවසා සිටියේ ද ඔහුගේ වැරදි මුහුදු පෙණ මෙන් තිබුණ ද මකාදමනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"කාන්තාවකට, ඇයට මහ්රම් වන පිරිමියකු සමග මිස වෙනත් කිසිවකු සමග රාත්‍රියක් ගමන් කරන දුරක් ගමන් කිරීම අනුමත වන්නේ නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"දිවුරා සිටීම භාණ්ඩය ප්‍රවර්ධණය කරන නමුත් එය ලාභය විනාශ කරන්නකි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම ගැමි අරාබිවරයකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ: ‘මම එය කළ විට, මා ස්වර්ගයට පිවිසිය හැකි ක්‍රියාවක් මට පෙන්වා දෙන්න.’ යැයි විමසා සිටියේය. එතුමා: “ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. කිසිවක් ඔහුට ආදේශ නොතබන්න. නියම කරන ලද සලාතය විධිමත්ව ඉටු කරන්න. අනිවාර්යය කරන ලද සකාතය පිරිනමන්න. රමළාන් මාසයේ උපවාසයේ නිරත වන්න.” යැයි පැවසීය. ඔහු: ‘මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා සිටිමි. මීට වඩා කිසිවක් මම අධික නොකරමි.’ යැයි පැවසීය. පසුව ඔහු හැරී ගිය කල්හි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “ස්වර්ගවාසීන් අතරින් මිනිසෙකු දෙස බලන්නට කවරෙකු ප්‍රිය කරන්නේ ද මොහු දෙස බලත්වා!”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“යුදෙව්වන් හා කිතුනුවන් කෙරහි නුඹලා සලාම් පවසා ආරම්භ නොකරනු. ඔවුන් මාර්ගයේ සිටිනු නුඹලා දුටු විට ඔවුන් එහි කෙළවරින් ගමන් කිරීමට සළස්වනු.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් මෙසේ පැවසීය: ආදම්ගේ පුතණුවන් මට හිංසා කරන්නේය. මම කාලය වී සිටිය දී ඔහු කාලයට බැණ වදී. සියලු කටයුතු ඇත්තේ මා සන්තකයේය. රාත්‍රිය හා දහවල මම පෙරළමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.