Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 1 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සිකුරාදා දිනක 'දාරුල්-කළා' දෙසට මුහුණලා ඇති දොරටුවෙන් පුද්ගලයෙකු මස්ජිදයට ඇතුළු විය. එම අවස්ථාවේ දී අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කුත්බා (දේශනය) පවත්වමින් සිටියේය. එම මිනිසා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දෙසට මුහුණලා මෙසේ පැවසීය: 'අල්ලාහ්ගේ දූතයාණනි! (පශු) සම්පත් විනාශ වෙමින් පවතින අතර (ආදායම්) මාර්ග නැවතී ඇත. අපට වැසි වස්සන මෙන් ඉල්ලා අල්ලාහ්ට යාච්ඤා කරන්න. එවිට 'අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම දෑත් ඔසවා, අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව' යැයි ප්‍රාර්ථනා කළහ. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ නාමයෙන්, අහසේ වලාකුළු කිසිවක් දකින්නට තිබුණේ නැත. අප සහ සල්උ කන්ද අතර නිවසක් හෝ ගොඩනැගිල්ලක් හෝ නොවීය. එවිට පලිහක් වැනි විශාල වලාකුළක් එහි (සල්උ කන්ද) පිටුපසින් දිස් වූ අතර එය අහස මැදට පැමිණි විට එය පැතිරී, වැසි ඇද හැළුණි. අල්ලාහ්ගේ නාමයෙන්! දින හයක් අපි හිරු නොදුටුවෙමු. ඊළඟ සිකුරාදා, එම දොරටුවෙන් පුද්ගලයෙකු ඇතුළු වූ අතර එවිට ද අල්ලාහ්ගේ දූතයණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සිකුරාදා කුත්බා දේශනාව පවත්වමින් සිටියහ. එවිට එම මිනිසා එතුමාණන් වෙත මුහුණලා සිටගෙන, 'අල්ලාහ්ගේ දූතයාණනි,! පශු සම්පත් මිය යමින් පවතින අතර (ආදායම්) මාර්ග නතර වී ඇත; අපගෙන් වර්ෂාව වළක්වා ගැනීමට අල්ලාහ්ට යාච්ඤා කරන්න.' යැයි කීවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත් දෙකම ඔසවා 'අල්ලාහ්! අප මත නොව අප වටා වැසි වස්සනු මැනව, අහෝ අල්ලාහ්, කඳු මත, නිම්න මධ්‍යයේ සහ ගස් වැවෙන ස්ථානවල වැසි වස්සනු මැනව' යැයි කීහ. එතුමා තවදුරටත් මෙසේ පැවසීය. 'වැස්ස නැවතින. අපි පිටතට පැමිණ හිරු එළියේ ඇවිද ගියෙමු. මම අනස් (රළියල්ලාහු අන්හු) තුමාගෙන්: "ඔහු පළමු වාරයේ පැමිණ පුද්ගලයා දැ?"යි විමසා සිටියෙමි. එවිට එතුමා "ඒ ගැන මම නොදනිමි" යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.