Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 3 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාතයේදී තක්බීර් පැවසූ විට කුර්ආනය සද්ගායනය කිරීමට පෙර මද වේලාවක් නිහඬ ව සිටියි. එවිට මම, “අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ මව හා මාගේ පියා ඔබට කැප කරමි. (සලාතයේ) තක්බීරය හා කුර්ආන් සද්ගායනාව අතර ඔබේ නිහඬතාවයෙන් ඔබ අදහස් කරනුයේ කුමක් ද? ඔබ එහි කියවනුයේ කුමක් ද?" යැයි විමසා සිටියෙමි . එවිට එතුමා ‘මම මෙසේ පවසමි.’ اللهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ، اللهُمَّ نَقِّنِي مِنْ خَطَايَايَ كَمَا يُنَقَّى الثَّوْبُ الْأَبْيَضُ مِنَ الدَّنَسِ، اللهُمَّ اغْسِلْنِي مِنْ خَطَايَايَ بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ "අහෝ දෙවියනි! නැගෙනහිර හා බටහිර අතර ඔබ දුරස් කළාක් මෙන් මා අතර හා මගේ පාපකම් අතර දුරස් කරනු මැනව. අහෝ දෙවියනි! සුදු වස්ත්‍රය කිලිටෙන් පිරිසිදු කරනු ලබන්නාක් මෙන් මාගේ පාපයන් පිරිසිදු කරනු මැනව! අහෝ දෙවියනි! මාගේ වැරදි ජලයෙන්, පිනි දියෙන් හා සීත ජලයෙන් සෝදා හරිනු මැනව!" යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
කවරෙකු සෑම සලාතයකින් පසු තිස් තුන් වරක් සුබ්හානල්ලාහ් යැයි අල්ලාහ්ව පිවිතුරු කර, තිස් තුන් වරක් අල්හම්දුලිල්ලාහ් යැයි අල්ලාහ්ව ප්‍රශංසා කර, තිස් තුන් වරක් අල්ලාහු අක්බර් යැයි අල්ලාහ්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කර, එනම් එය අනූ නව වරකි. සියය සම්පූර්ණ කරමින් "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් (නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු ‌නැත. සියලු ආධිපත්‍යයන් ඔහු සතු ය. සියලු ප්‍රශංසා ද ඔහුටම හිමි ය. ඔහු සියලු දෑ කෙරෙහි සර් ව බලධාරීය) යැයි පවසන්නේ ද ඔහුගේ පව් මුහුදු පෙණ තරම් තිබුණ ද ඒවාට සමාව දෙනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් අදාබිල් කබ්රි, වමින් අදාබින් නාරි, වමින් ෆිත්නතිල් මහ්යා වල් මමාති, වමින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්" යනුවෙන් ප්‍රාර්ථනා කළහ. මුස්ලිම්හි එන වාර්තාවක “නුඹලා කිසිවකු හෝ (සලාතයෙහි) අත්තහිය්යාත්හි තෂහ්හුද් පවසා අවසන් කළ විට කරුණු හතරක් ගැන අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතිය යුතුය. එනම්, අපා ගින්නේ දඬුවමින්, මිනීවලෙහි වේදනාවෙන්, ජීවිතය හා මරණයේ අර්බූධයෙන් හා මසීහුද් දජ්ජාල්ගේ නපුරෙන් වන ආරක්ෂාවයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.