Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 1 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
මිනිසුන් පිරිසක් සහ්ල් ඉබ්නු සඃද් අස්-සාඉදී තුමා වෙත පැමිණ මින්බරය (ධර්මාසනය) සම්බන්ධයෙන් එය කවර ලීයකින් තනා ඇත්දැයි කතා කරමින් සිටියෝය. පසුව ඒ ගැන ඔවුහු ඔහුගෙන් විමසුවෝය. එවිට ඔහු: "අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම එය කවර දෙයකින් වූවක් දැයි මම දනිමි. එය තබන ලද මුල් දිනයේම මම එය දැක ඇත්තෙමි. එමෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඒ මත අසුන් ගත් මුල් දිනය ද මම දැක ඇත්තෙමි." අල්ලාහ්ගේ දූතයාණෝ -අන්සාරී- කාන්තාවකට දූත පණිවිඩයක් එවූහ. "මම මිනිසුන් සමග කතා කරන විට ඒ මත වාඩි වන්නට මා වෙනුවෙන් ආසනයක් නිර්මාණය කර දෙන්නැයි ඔබ ඔබේ වඩු පුතාට පවසන්න" යැයි ඉල්ලා සිටියහ. පසුව ඇය ඔහුට නියෝග කොට ඔහු ද කැලෑවේ හැදෙන 'තර්ෆා' නම් ගස් වර්ගයකින් එය නිර්මාණය කොට ඇය වෙත ගෙන ආවේය. පසුව ඇය එය අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පිළිගැන්වූවාය. පසුව එය තබන මෙන් ඇයට පැවසූ පසු ඇය එය මෙතැනින් තැබුවාය. පසුව අල්ලාහ්ගේ දූතයාණන් ඒ මත සලාත් ඉටු කරනු මම දුටුවෙමි. ඔහු ඒ මතට වී තක්බීර් පවසා පසුව ඒ මත සිටම රුකූඋ ද කළහ. පසුව එයින් බැස ධර්මාසනය පාදය අසල සුජූද් කර නැවත නැග ගත්හ. අවසන් කළ පසුව මිනිසුන් වෙත හැරී මෙසේ පැවසූහ: "අහෝ ජනයිනි! මම මෙය නිර්මාණය කළේ නුඹලා මා පිළිපදිනු පිණිසය. මාගේ සලාතය නුඹලා හදාරනු පිණිසය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.